නවතම පුවත්

ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජනයක්

අසංක

අසංක

සිරියාව ආක්‍රමණය කිරිමට තුර්කිය කටයුතු කළහොත් එරට ආර්ථිකය මුලුමනින්ම විනාශ කර දැමීමට අමෙරිකාව පසුබට නොවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර සිටී.

තුර්කි ජනාධිපති රෙසිප් ටයිපි එර්ඩොගාන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව ද ට්‍රම්ප් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත

නොවැම්බර් මාසයේදී තමන් අමෙරිකාවේ සංචාරයක් කරමින් ජනාධිපති ට්‍රම්ප් සමගින් සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති එර්ඩොගාන්ද ප්‍රකාශයක් කරමින් පවසා තිබුණි.

සිරියාව එරට උතුරු හා ඊසානදිග කලාපවලින් තුර්කියට මායිම් වෙයි.

අදාළ කලාපයෙන් අමෙරිකානු හමුදා අනුඛණ්ඩ ඉවත්කරගැනීමට අමෙරිකාව පසුගියදා කටයුතු කළේය.

මෙම තීන්දුවත් සමගින් අදාළ කලාපයේ සිරියානු කුර්දි හමුදාවරුන් හුදෙකලා වූ බවත්, යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය වගකිම අමෙරිකාව බාරගතයුතු බවත් එම තීන්දුව විවේචනය කළ පිරිස් පෙන්වා දෙයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මේ තර්ජනාත්මක ප්‍රකාශයද නිකුත් කෙරුණේ ඒ සමගයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි