නවතම පුවත්

ටැපනෝලී ඔරංඋටං සතුන් ලොවෙන් වඳවෙයිද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ටැපනුලි ඔරංඋටං අලුත් විශේෂයක් වන්නේ ඇයි?

ටැපනුලි ඔරංඋටං විශේෂය අනික් ඔරංඋටං සතුන්ගෙන් වෙනස් වීමට පළමු හේතුව ජානමය වෙනස්කම් වේ. පර්යේෂණයන් පෙන්වා දෙන්නේ මීට වසර මිලියන 3.38 කට පමණ පෙර සුමත්‍රා හී වාසය කල ඔරංඋටං සතුන් සහ මෙම සතුන් ජාන වෙනස් වී ඇති බවයි. නමුත් ටැපනුලි ඔරංඋටං වසර 670,000 කට පමණ පෙර බෝර්නියන් ඔන්ගුටාන් හී සිට ඇති බවයි

ටැපනුලි ඔරංඋටංන්ට පිහිටා ඇති හිස් කබල සහ හකු අස්ථි සුමත්‍රා සහ බෝර්නියන් ඔන්ගුටාන් වාසය කරන අනික් සතුන්ට වඩා අඩු ශක්ති ප්‍රභේදයකින් පිහිටා ඇත.

විවාදයට තුඩුදී ඇති වේල්ලක් ඉදිකිරීම සඳහා ඉන්දුනීසියානු අධිකරණය අවසර ලබාදීමත් සමග ලොවෙන් තුරන් වීමේ දැඩි අවදානමක සිටින ඔරංඋටං සතුන්ගේ තුරන්වීම වේගවත් වනු ඇතැයි පරිසරවේදීහු පවසති.

ඇ.ඩො.බිලියන 1.5ක වටිනාකමින් යුතු මෙම වේල්ල උතුරුදිග සුමාත්‍රා හි බැටැන්ග් ටෝරූ වනාන්තරය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.මෙම පළාත ටැපනෝලී ඔරංඋටං සතුන්ගේ නිජබිම ලෙස සැලකෙන අතර, ඔවුන් 2017 වසරේදී හඳුනාගනු ලැබූ ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් කොට්ඨාසයකි.

මේ වනවිට මෙම සතුන් 800ක් පමණ වනාන්තරයේ දිවි ගෙවන අතර, ඔවුන් සැවොම මෙම පරිසර පද්ධතිය ඇසුරු කරගෙන ජීවත් වන බව පරිසරවේදීහු පවසති.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සමග එම සතුන් ලොවෙන් තුරන් කිරීමේ පාර කැපෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

YouTube player
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?