නවතම පුවත්

ටෙස්ට් ඉතිහාසය අලුත් කල ඩෙවෝන් කොන්වේ වාර්තා අතරට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 07 වැනි පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (03දා) සමත් විය.

එමෙන්ම ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ පිතිකරුවෙකු, ද්විත්ව ශතකයක් රැස්කළ ලොව පළමු පිතිකරුවා ලෙසත් කොන්වේගේ ද්විත්ව ශතකයට අමරණීය වටිනාකමක් හිමිවිය.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (03දා) දිනයේදී කොන්වේ මෙම සුවිශේෂී කඩයිම පසුකර ගියේය. මෙහිදී නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 377ක් රැස්කිරීමට සමත් විය.

නවසීලන්ත ඉනිමේ වටිනාම ඉනිම ගොඩනැගූ ආරම්භක පිතිකරු කොන්වේ පන්දු 347කට මුහුණදෙමින් ලකුණු 200ක් රැස්කළ අතර, අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට ලක්වන විට එක් හයේ පහරක් හා හතරේ පහර 22ක් එල්ල කර තිබුණි.

මෙය එංගලන්තයේදී විදේශීය ආරම්භක පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර, මේ හේතුවෙන් මීට වසර 25කට පෙර ඉන්දීය හිටපු නායක සෞරව් ගංගුලි පිහිටුවා තිබූ වාර්තාව බිඳවැටුණි.

එමෙන්ම මංගල ටෙස්ට් තරගයකදී ඕනෑම පිතිකරුවෙකු එංගලන්තයේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි. කොන්වේ විසින් බිඳලනු ලැබුවේ මීට වසර 125කට පෙර එනම් 1896 වසරේදී රංජිත්සිංජි විසින් මැන්චෙස්ටර්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව (නොදැවී 154) රැස්කර තිබූ ඉනිමයි.

 

මංගල ටෙස්ට් තරගයේ ද්විත්ව ශතක රැස්කර ඇති පිතිකරුවන්

එංගලන්තයේ ආර්.ඊ. ෆොස්ටර් (287/ඔස්ට්‍රේලියාවට එරෙහිව 1903දී)

බ.ඉ. කොදෙව්හි එල්.ජී. රෝව් (214/නවසීලන්තයට එරෙහිව 1972දී)

ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් කුරුප්පු (නොදැවී 201/ නවසීලන්තයට එරෙහිව 1987දී)

නවසීලන්තයේ මැතිව් සින්ක්ලෙයාර් (214/බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව 1999දී)

දකුණු අප්‍රිකාවේ ජේ.ඒ. රුඩාල්ෆ් (නොදැවී 222/ බංග්ලාදේශයට එරෙහිව 2003දී)

බ.ඉ. කොදෙව්හි කයිල් මේයර්ස් (නොදැවී 210/ බංග්ලාදේශයට එරෙහිව 2021දී)

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි