නවතම පුවත්

ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබූ අධිචෝදනාවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25/1 හි වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් ගොනු කිරීමේ හෝ පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නොමැත.

ඒ අනුව විත්තිකරු එම චෝදනාවලින් නිදහස් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් අධිකරණය හමුවේ කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී මෙම කෞතුකාගාරය ඉදිකිරීමට රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු චෝදනාවලින් මෙලෙස නිදහස් කර විදේශ ගමන් තහනම ද ඉවත් කරන ලෙස එහිදී නියෝග කෙරුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටි ඇපකරුවන් සියලුදෙනා නඩුවේ ඇපකාරීත්වයෙන් සහ ඔවුන් තැන්පත් කර තිබූ ඇප මුදල් මුදා හරින ලෙස ද මෙහිදී නියෝග කර තිබේ.

මෙහි සෙසු විත්තිකරුවන් 6 දෙනා පිළිබඳ ඉදිරි පියවර සම්බන්ධයෙන් ලබන ජනවාරි 9 වැනි දා හෝ ඊට පෙර අධිකරණයට දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

නීතිඥ සනත් විජේවර්ධන මහතා ගොනුකර තිබූ මෝසමක් අනුව එම නඩුව අද කැඳවා තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි