නවතම පුවත්

ඩුබායිවලදී මියගිය දිනූකගේ DNA – ඇඟිලි සලකුණු සමානයි

අසංක

අසංක

ඩුබායිහි දී මියගොස් සිටියදී මෙරටට මළසිරුර ගෙනැවිත් තිබූ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ බවට සැක පළවූ තැනැත්තාගේ මළ සිරුර ආර්.ඒ.දිනුක මධුසංඛගේ බවට DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

දිනුක මධුසංඛ නමැත්තා ඩුබායි වෙත යාමට පෙර මෙරට පොලිසිය විසින් අවස්ථා කීපයක දී අත්අඩංගුවට ගෙන ඇති නිසා අපරාධ ලේඛනාගාරයේ ඔහුගේ ඇඟිලි සලකුණු තිබී ඇත . දේහයේ ඇඟිලි සලකුණු එම ඇඟිලි සලකුණු හා සැසඳීමේ දී එය ද සමාන වන බවට තහවුරු වී තිබේ.

ඩී එන් ඒ සහ ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමට හේතු වූයේ ඔහු විසින් වෙනත් නමකින් ඩුබායි හි රැඳී සිටීම නිසාය.

මීගමුව රෝහලේ දී අද පැවැත්වූ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බැවින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

විදේශයක සිට ගෙන ආ මළ සිරුරක් බැවින් මෙම දේහය අද දිනය තුළ දීම මීගමුව මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ භූමදානය කරන ලෙසද මෙහිදී නියෝග කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි