නවතම පුවත්

ඩෙල්ෆ් ආසන්නයේ හුණුගල් පරයක සිරවුණු සැකකටයුතු යාත්‍රාවක් හමුවෙයි

අසංක

අසංක

ඩෙල්ෆ් දූපත ආසන්නයේ හුණුගල් පරයක සිරවී තිබෙන සැකකටයුතු ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් අරඹා තිබේ.

මෙම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාව ඩෙල්ෆ් දූපතේ සිට කිලෝමීටර් 200ක් පමණ ඈතින් හුණුගල් තට්ටුව මත සිරවී තිබියදී නිරීක්ෂණය වී ඇත.

පරීක්ෂා කරන අවස්ථාවේදී එහි ධීවරයින් කිසිවකු සිට නොමැති නමුත් පාවහන් යුගල 4ක් සහ මාළු අල්ලන දැලක් සහ GPS උපකරණය හමුවී ඇත.

ධීවරයින් ගැන හෝ එම යාත්‍රාව අනවසර මුහුදු සීමාවට පැමිණියේ ඇයිද යන්න අනාවරණය වී නොමැත.

ඔවුන් මෙම ස්ථානයෙන් ඉවත්ව ගියෙ ඇයිද යන්න පිළිබඳ සැකසහිත වී ඇත.

විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක ය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?