නවතම පුවත්

තමා පිළිබඳ පුවත ඇසී මහමඟ වාහනෙන් බැස රිෂාද් පලාගිහින් – ගෝලයෝ 4ක් අත්අඩංගුවට

අසංක

අසංක

පුත්තලමේ සිට ඊයේ කොළඹ එමින් ස සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා සිය වාහනය තුළ ගුවන්විදුලියට කන්දී ගෙන එමින් සිටියදී තමා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි යන පුවත ඇසීමත් සමග එකවරම වාහනය නවතා ඉන් බැස පලාගොස් තිබේ.

රිෂාද් බදියුදීන් මහතාගේ වාහනය කොළඹ ආ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී එහි සිට ඇත්තේ ඔහුගේ රියදුරු සහ මන්ත්‍රීවරයාගේ ඉඩමක් බලා කියාගන්නා පුද්ගලයෙක් පමණි.

වාහනය සහ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව එම අවස්ථාවේ බලපත්‍ර නොමැති පිස්තෝල දෙකක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත .

මේ අතර රිෂාද් බදියුදීන් මහතාට පලාගොස් සැඟවීමට උදව් කළ බව කියන ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතා සමඟ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ඔහුගේ අමාත්‍යාංශයේ සේවය කළ හිටපු ගණකාධිකාරිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුයුදීන් මහතා ඩ් බදුයුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?