නවතම පුවත්

තමිල්නාඩුවෙන් එවූ ලාංකිකයන් අතර LTTEයේ හිටපු ප්‍රබලයන් දෙදෙනෙක්

අසංක

අසංක

ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි සරණාගත කඳවුරුවල සිට මෙරටට පසුගිය දා එවූ ලාංකිකයන් 59 දෙනා අතර එල්ටීටීඊයේ හිටපු ප්‍රබලයන් දෙදෙනෙකු ද සිටින බවට රාජ්‍ය බුද්ධි සේවය අනාවරණය කරගෙන තිබේ.

ඔවුන් මෙරට ගැටුම් පැවැති සමයේ හා ඊට පසුව බෝට්ටු මගින් නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට පලාගිය පුද්ගලයන් ය. මෙතෙක් ඔවුන් එරට සරණාගත කඳවුරු තුළ රඳවා සිටියහ.

ඔවුන්ගෙන් එක් අයකු මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පුනරුත්ථාපනයට ලක්වූ අයෙකි.

අනෙක් පුද්ගලයා ගැටුම් පැවති අවධියේම බෝට්ටුවෙන් තමිල්නාඩුවට පලාගිය අයෙක් වන අතර ඔහු කරුණා අම්මාන්ගේ ගෝලයෙකි.

මොවුන් පසුගියදා ඉන්දියාවෙන් මෙරටට එවා තිබුණේ කොන්දේසි මාලාවක් සහිතව බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැති බව පැවසේ.

එහෙත් ඔවුන් දෙදෙනාගේ හැසිරීම් පිළිබඳව සොයාබැලීමේ ආවේක්ෂණයට ලක්කෙරෙන බව රාජ්‍ය බුද්ධි සේවා ආරංචි මාර්ග තහවුරු කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි