නවතම පුවත්

තරග පාවාදීම් වලක්වන්න නව පනතක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව තුල ක්‍රීඩාවල තරඟ පාවාදීම, දූෂණය, නීතිවිරෝධි මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (08දා) පනත් කෙටුම්පතක් ඉදිරිපත්විය.

විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් සභාවට ඉදිරිපත් කළේය.

ක්‍රීඩාවේ වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කිරීම සඳහාත්, ඒ සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා  විධිවිධාන සැලැස්වීම සඳහාත් පනත් කෙටුම්පත සකස් කර තිබේ.

ක්‍රීඩාවල තරඟ පාවාදීම,දූෂණය,නීතිවිරෝධි මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම,ක්‍රීඩාවල යහපත් පරිචයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා සංවිධාන,නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතන සහ ඔට්ටු මෙහෙයුම්කරුවන් අතර ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව ශක්තිමත් කිරිම මෙම පනතෙ අරමුණු ලෙස දක්වා තිබේ.

ක්‍රීඩාවල වැරදි පිළිබඳ දැනුම්වත්භාවය ප්‍රවර්ධන කිරීම සහ ආශ්‍රිත පාර්ශවයන් අතර සම්බන්ධීකරණය සඳහා වැඩසටහන් පැවැත්විය යුතු බවද එහි දක්වා තිබේ.

ජාතික ක්‍රීඩාවල අවංකභාවය ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාමට මෙම පනත් කෙටුම්පත හඳුන්වාදී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි