නවතම පුවත්

තවත් ඡන්ද අපේක්ෂකයන් 2ක් අත්අඩංගුවට

අසංක

අසංක

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුකළේ යැයි චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයෙක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එජාප අපේක්ෂකයා කලවාන පොලීසිය මගින්ද සමගි ජනබලවේගයේ අපේක්ෂකයා හගුරන්කෙත පොලීසිය මගින්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඉන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේද, දෙදෙනෙක් සමගි ජනබලවේගයේද, එක් අයෙක් දෙමළ එක්සත් විමුක්ති පෙරමු‍‍ණේද අපේක්ෂකයන් බව පොලිස් මැතිවරණ කාර්යාල තොරතුරු සදහන් කරයි.

මේ වන විට අපේක්ෂකයන් 26 දෙනෙකුට එරෙහිව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්