නවතම පුවත්

ත්‍රස්ත මර්දනයට ජපානයෙන් බිලියන එකහමාරක ආරක්ෂක උපකරණ තොගයක්

අසංක

අසංක

ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා රුපියල් බිලියන 1.6ක් පමණ වටිනාකමැති අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමට ජපානය එකඟත්වය පළකර තිබේ.

ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ, ශ්‍රී ලංකා පොලීසිය හා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත මෙම ප්‍රදානය ලබාදේ.

පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය රට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක ක්ෂේත්‍රය වෙත විශාල ඍණාත්මක ආර්ථික බලපෑමක් ඇති කරන ලදී.

එමඟින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන ලද අතර එම තත්වයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස, ජපාන රජය විසින් මේවා ප්‍රදානය කරනු ලබයි.

ඒ අනුව, මහජන ආරක්ෂාව සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වන නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ රාජ්‍ය ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ හරහා ලබා දෙනු ඇත.

ඉහත ප්‍රදාන ආධාරය සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරිම, අද දින මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින් ඉහත හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබන ලදී.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී