නවතම පුවත්

ත්‍රීකුණාමලයට ජල අර්බූදයක් එයිද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

කන්තලේ වැවේ හා මහවැලි ගගේ ජල මට්ටම සිග්‍රලෙස පහත බැසිම නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පානිය ජල අවශ්‍යතා අඛණ්ඩව  සැපයීමට  ජාතික ජලසම්පාදන  හා ජලාප්‍රවාහන මණ්ඩලය කන්තලේ සුරියපුර අල්ල පාලමට මීටර් 100ක් පහලින්  මහවැලි ගග හරස් කර වැලි ගෝනි ගැසිමේ මෙහෙයුමක නිරතව සිටි.

එම මණ්ඩලයේ කන්තලේ ස්ථානභාර නිලධාරි හා ඉංජිනේරු  සහකාර එච්.එම්.රංජන්  හේරත් මහතා පවසන්නේ කන්තලේ  වැවේ ජල මට්ටම සිග්‍ර ලෙස අඩු වී මඩ  සහිත ජලය සමග විවිධ  ඇල්ගී වර්ග  තිබිම නිසා  එම ජලය ලබා ගෙන පිරිසිදු කිරිමට  වැඩි කාලයක් ගතවන බවය.මේ හේතුව නිසා සුරියපුර  පොම්පාගාරයෙන් මහවැලි ජලය ලබා ගැනිම සිදුවු අතර  එහි ජල මට්ටමද  සිග්‍ර ලෙස  පහත බැස පොම්පාගාරයට  දිවෙන නල පද්ධතිය උඩට  මතුවිම නිසා යුධ හමුදාව,  සිවිල් ආරක්ෂක බලකාය  එක්ව  ගගට පහලින් ගග හරස් කර වැලි ගෝනි  ගසා ජලය  එක්රැස් කිරිම සිදු කරගෙන යන බව කීය.

සාමාන්‍යයෙන් පැයකට මීටර් කියුබ්  1300ක ජල ප්‍රමාණයක් මහවැලි ගගෙන් ගන්නවා. නල පද්ධතිය උඩට  මතුවි ජල මට්ටමට පහලට දක්වා ගගේ ජලය අඩු වි ගෙනයන කොට ජලය ලබා ගැනිමට හැකි වුනේ පැයකට මීටර් කියුබ් 400ක ජල ප්‍රමාණයක් විතරයි.ක්ෂණිකව ක්‍රියාත්මක වි  යුධ හමුදා භටකණ්ඩායම් හා  සිවිල්  ආරක්ෂක භට කණ්ඩායම්  අපේ කම්කරුවන්  සමග එක්වි වැලි ගෝනි ගැසිම නිසා මේ වනවිට   පැයකට මීටර් කියුම 1000ක ජල ධාරිතාවයක් ලබා ගන්නවා යැයි එම නිලධාරියා කීය.පෑවිල්ලත් සමග පවතින නියං තත්වය තවදුරටත් අඛණ්ඩව පැවතුන හොත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නල මගින් ලබාදෙන පානිය ජල අවශ්‍යතාවය  සිමා කිරිමට සිදුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය කියයි.


train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි