නවතම පුවත්

තාක්‍ෂණික ලොව තුල දරුවන් හදාවඩා ගැනීමේදී දෙමාපියන් සිහියේ තබා ගතයුතු වැදගත්ම කරුණු 8ක්

අසංක

අසංක

තාක්‍ෂණික ලොව තුල දරුවන් හදාවඩා ගැනීමේදී දෙමාපියන් සිහියේ තබා ගතයුතු වැදගත්ම කරුණු 8ක්

1 ) අන්තර්ජාලය තුල ඔබ දකින සියල්ල සත්‍ය නොවන බවද දරුවන්ට කියා දිය යුතුයි. එබැවින් අන්තර්ජාලය තුල දකින සියල්ල එලෙසින්ම විශ්වාස කිරීමට හෝ පිළිපැදීමට පෙර ඒ ගැන කිහිප වරක් සොයා බැලීම වඩාත් බවද දරුවන්ට කියාදෙන්න .

එසේම මුහුණු පොතේ ජීවිතය හා සැබෑ ජීවිතය අතර විශාල වෙනසක් ඇති බවද දරුවන්ට පහදා දිය යුතුයි . අප හැමෝම වගේ මුහුණු පොතට එක්කරන්නේ අපේ ජීවිතවල හොඳම , සතුටුදායකම , ප්‍රීතිමත්ම තොරතුරු , , අපගේ ජායාරුවක් වුවත් අප ඊට එක්කරන්නේ සංස්කරණය කර අලංකාර කිරීමන් පසුවයි .

නමුත් අපගේ සැබෑ ජීවිතය , මුහුණු පොතේ ජීවිතය තරම් සුන්දර නැහැ නේද ? එලෙසම අපගේ මුහුණු පොතේ සෙසු මිතුරන්ගේ සැබෑ ජීවිතද , ඔවුන් මුහුණු පොතේ දක්වා ඇති ජීවිතවලට වඩා බොහෝ වෙනස් වන්න පුළුවන් . මේ වෙනස අප දරුවන්ට අවබෝධ කරදිය යුතුයි.

. මේ සත්‍යය දරුවන්අවබෝධ කර නොගතහොත් ඔවුන් අනෙක් අයගේ මුහුණුපොත් ගිණුම් සමග තම සැබෑ ජීවිතය සංසන්දනය කිරීමට යාවි . ඒ හරහා ඔවුන් තමන්ගේ ජීවිතය ගැන කලකිරීම් , හීන මානයන් ඇති කරගන්න පුළුවන් .කෙනෙකුගේ මුහුණු පොත් ගිණුමෙන් ඔහුගේ සැබෑ ජීවිතය හෙළිවන්නේ නැති බව අවබෝධ කරගත් විට මේ ගැටළු පැන නගින්නේ නැහැ.

2 ) අප නව තාක්ෂනය අපේ ජීවිතයට ළඟාකරගත යුත්තේ එයින් අපේ ජීවිතයට ප්‍රයෝජනයක් ලබාගැනීමටයි . උදාහරණයක් ලෙස අප ස්මාර්ට් දුරකතනයක් මිලදී ගත යුත්තේ එය අපගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නම් පමණයි . ස්මාර්ට් දුරකතනයක අයිතිකරුවෙකු වීමේ අරමුණින් පමණක් එවැන්නක් මිලදී ගන්නවා නම් එය නිෂ්ඵල ක්‍රියාවක්.

නව තාක්ෂනික උපාංගයක් මිලදී ගන්න සමවිටකම , එයින් විසදුම් ලැබෙන්නේ , අපේ කුමන ගැටලුවට දැයි අප අපෙන්ම විමසා බැලිය යුතුයි . අපේ දරුවන්ටත් එය පුරුදු පුහුණු කල යුතුයි , නව තාක්ෂනය ඇත්තේ අපේ ජීවිතය කාර්යක්ෂම කරන්නයි , එදිනෙදා කටයුතු පහසු කරන්නයි , අපට එදිනෙද මුහුණ දීමට සිදුවන විවිධ ගැටළු බාධක වලට විසදුම් දීමටයි. ,

ඒ අනුව අප මිලදී ගන්නා තාක්ෂණ උපාංගයෙන් අපේ ජීවිතයට ඍජු සහයක් , ප්‍රයෝජනයක් නොලැබෙන බවක් හැඟෙනවානම් එවැනි උපාංගයක් මිලදී නොගැනීම වඩාත් යෝග්‍ය බව දරුවන්ට කියා දිය යුතුයි.

3) අපගේ වටිනාකම ,අප ගන්න තීන්දු තීරණවල හරි වැරැද්ද , හා ඒවායේ වැදගත්කම , මුහුනු පොතේ “ලයික්ස්” වලින් හෝ “ෂෙයාර්ස්” වලින් මැනිය නොහැකි බව ඔබේ දරුවන්ට පහදා දිය යුතුමයි .

මුහුණු පොතේ සිටින අයට අවශ්‍ය විදියට අප අපේ ජීවිතය ගොඩනගා ගත යුතු නැති බව ඒ හරහා අප දරුවන්ට ඒත්තු ගැන්විය යුතුයි. ,

4 ) ඇත්තෙන්ම මේ නවීන ලෝකය තුල දරුවන් තාක්‍ෂණයෙන් ඈත් කර තැබීම නම් කිසිසේත්ම නුවණට හුරු දෙයක් නොවේ . එය ප්‍රායෝගිකව කල හැකි දෙයකුත් නොවේ . ඒ එම නිසා නිවස තුල කිසිවිටක නව තාක්ෂනය භාවිතය අධෛර්යමත් නොකිරීමට දෙමාපියන් ලෙස අප වග බලාගත යුතුමයි .

වර්තමාන ලෝකය තුල නවීන තාක්ෂනය , සාමාන්‍ය ජීවිතය හා බද්ධ වී පවතිනවා .. ඒ නිසාවෙන්ම නවීන තාක්ෂනය භාවිතා කිරීමේ හැකියාවන්, කුසලතාවයන් අපේ දරුවන්ට ලබාදිය යුතුයි , එය ඔවුන්ගේ අනාගතයට ඉතා බොහෝ ප්‍රයෝජනවත් වේවි.

ඇත්තෙන්ම දෙමාපියන් ලෙස අප මේ මොහොතේ සිදුකල යුත්තේ නවීන තාක්ෂණික මෙවලම් , නිවැරදිව භාවිතා කරන ආකාරය දරුවන්ට කියාදීමයි . කුඩා වයසේදීම තාක්ෂනය සමග ගනුදෙනු කිරීමට ඔවුන් හුරු කිරීමයි

උදාහරණයක් ලෙස මම මගේ දරුවන් දෙදෙනාටම ඔවුන්ගේ හත්වැනි උපන්දිනයේදීම අයි පොඩ් එකක් තෑගී දුන්නා . එයාලගේ 13 වැනි උපන්දිනයේදී ස්මාර්ට් දුරකථන තෑගී දෙන්නත් හිතාගෙන ඉන්නවා .

….

5)මේ වනවිට දරුවන් නවීන තාක්ෂනය හා සම්බන්ධ වීම පිළිබඳව හා භාවිතය පිළිබඳව කෙරුණු විද්‍යාත්මක පරීක්ෂණ රැසක් තිබෙනවා . ඒවායේ ප්‍රතිඵල ගැන අප අවධානය යොමු කිරීම හරිම වැදගත් .

විශේෂයෙන්ම මෙම තාක්ෂනය අනිසි ආකාරයට භාවිතයෙන් අත්විය හැකි විවිධ දුර්විපාක පිලිබඳව මෙම පර්යේෂණ හරහා තහවුරු වී තිබෙනවා .

කුඩා දරුවන් පරිඝනක හා ජංගම දුරකථන තිර දෙස වැඩි වෙලාවක් බලාසිටීම හරහා ඔවුන්ට ඇතිවිය හැකි විවිධාකාර මානසික හා ශාරීරික ගැටළු පිළිබඳව මේ වනවිට අනාවරණය වී තිබෙනවා . මේ තාක්ෂනික උපාංග සමග ඕනාවට වඩා කාලය ගත කිරීම හේතුවෙන් ළමුන් තුල , නින්ද නොයාම , ආහාර අරුචිය , ඉගෙනීමේ දුර්වලතා , මතක ශක්තිය හීන වීම , ආදී ගැටළු රැසක් මතුවිය හැකි බවටද අධ්‍යයනයන් හරහා ඔප්පුවී තිබෙනවා.

නවතම ඇමෙරිකානු අධ්‍යයනයකින් නිර්දේශ කර ඇත්තේ අවුරුදු දෙකට අඩු ළමුන්ට ටෙලිවිෂනය පරිඝනකය හෝ ස්මාර්ට් දුරකථනයන් භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවක්.

කෙසේ වෙතත් වයස අවුරුදු දෙකට වැඩි දරුවන්ට වුවත් අප මෙම තාක්ෂණික මාධ්‍ය භාවිතා කිරීමට ඉඩ ලාබදිය යුත්තේ අපගේ පුර්ණ අධීක්ෂණය , යටතේයි . විශේෂයෙන්ම ඔවුන් මෙම තාක්ෂණික මාධ්‍ය සමග ගත කරන කාලය මෙන්ම ඔවුන් ඒ හරහා නරඹන දේ පිළිබඳවද අප නිරන්තරව අවධානයෙන් පසුවිය යුතුමයි. .

මෙහිදී දරුවන්ට පරිඝනකය භාවිතා කිරීමට ඉඩ ලබාදිය යුත්තේ නිවසේ කාටත් හොඳින් පෙනෙන ස්ථානයක සිටයි. , එසේම නිතරම ඔවුන් අසලින් යමින් , ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන් නරඹන දේ ගැන අප විමසා බැලිය යුතුයි. .

ඔවුන්ගේ ජංගම දුරකථන වල හුවමාරුවන පණිවුඩ ගැනත් අප නිරන්තරව සොයා බැලිය යුතුයි, . එසේම ඔවුන් ඇතුළුවන්නේ වෙබ් අඩවිවලටද , අන්තර්ජාලය හරහා ඔවුන් පිරික්සන්නේ මොනවාද යන්න ගැන අප නිරන්තර අවධානයෙන් පසුවිය යුතුය

6 )අප එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්න ආකාරය එසේත් නැතිනම් සන්නිවේදනය සිදුකරන අකාරය , නවීන තාක්ෂනයේ භාවිතයත් සමග සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතිනවා.
අපේ නව පරපුර නම් තර්ක කරන්නේ මෙම නවීන ක්‍රම හේතුවෙන් එකිනෙකා අතර සන්නිවේදනය වර්ධනය වී ඇති බවයි.

නමුත් අපගේ වැඩිහිටි පරම්පරාව මෙම නවීන තාක්ෂණික සන්නිවේදනයන්ට හුරුවී නැති බවත් ඔවුන් තවමත් වඩාත් කැමැත්තක් හා ගරුත්වයක් දක්වන්නේ එකිනෙකා ඍජුව මුණගැසී සිදුකරන වාචික සන්නිවේදනයට වන බවත් අපගේ තරුණ දූ දරුවන්ට අවබෝධ කර දිය යුතුයි, .

එම අවබෝධය නොමැතිවුවහොත් අපගේ තරුණ , නව පරම්පරාව හා වැඩිහිටි පරම්පරාව අතර සම්භන්ධය බිදී යාවී ,

එබැවින් නවීන තාක්ෂනය ඔස්සේ සිදුකරන සන්නිවේදනයට මෙන්ම ඍජුව එකිනෙකා හමුවී කරන වාචික සංනිවේදනයටද අපේ දරුවන් හුරු කල යුතුයි .

7)නවීන තාක්ෂනය ඇත්තේ අපේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරගැනීමට තමා . ඒ ගැන විවාදයක් නැත , නමුත් , නවීන තාක්ෂනයට අනිසි ලෙස ඇබ්බැහිවීම හරහා ,අපගේ එදිනෙදා කටයුතු ඕනෑවටත් වඩා පහසුවෙන් කරගැනීමට අප තුල පෙළඹවීමක් ඇතිවනවා . මෙය ගැටළුවක් .

අමාරු කාර්යයන් කල්දැමීමට , මග හැරීමට , දුෂ්කර අවස්ථාවලින් පලායාමට , මෙම නවීන තාක්ෂනය යොදා නොගත යුතුයි. ඒ බව අප දරුවන්ට පැහැදිලිවම අවබෝධ කර දිය යුතුයි .

ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දිය යුතුයි , තාක්ෂනය්යේ පිහිටෙන් ඒවායෙන් තාවකාලිකව පලායාම ස්ථීරසාර විසදුමක් නොවේ.
අනාගතය ජය ගන්නේ දුෂ්කර අවස්ථාවන්ට හොඳින් මුහුණදිය හැකි අය බව අප දරුවන්ට කියා දිය යුතුයි.

8) අප නිතරම නවීන තාක්ෂණික උපාංග හරහා නව නිර්මාණ කිරීමට දරුවන් පෙළඹවිය යුතුයි. උදාහරණයක් ලෙස අපට නවීන තාක්ෂනය හරහා පරිඝනක ක්‍රීඩාවක නිරතවන්නත් පුළුවන් , එසේ නැතිනම් පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය කරන්නත් පුළුවන් , මෙහිදී අප දරුවන් වැඩියෙන් පෙළඹවිය යුත්තේ එවැනි ක්‍රීඩාවක් අලුතින් නිර්මාණය කිරීම සඳහායි.

අපට ෆේස් බුක් වැනි සාමාජ මාධ්‍ය , විනෝදය ලබාගැනීම සඳහා පමණක් භාවිතා කරන්නත් පුළුවන් , නැතිනම් ඒ හරහා විවිධ ප්‍රයෝජනයන් ගැනීම විවිධ ෆේස්බුක් පිටු , ෆේස් බුක් කණ්ඩායම් ආදිය නිර්මාණය කරන්නත් පුළුවන් . අප කල යුත්තේ දරුවන්ව ඒ නිර්මානාත්මක දේ සඳහා වැඩි වශයෙන් යොමු කිරීමයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි