නවතම පුවත්

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට රිෂාද් බදියුදීන්-කබීර් හෂීම් සම්බන්ධය වි.දේ.වැ.අ. ජෙනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි හෙළි කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යහපාලන ආණ්ඩු සමයේදී හිටපු ඇමතිවරුන් වන රිෂාද් බදියුදීන් සහ කබීර් හෂීම් යන මහත්වරුන් මෙරටට පැමිණි තුර්කි ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ ත්‍රස්තයින් කළ ව්‍යාපාරවලට සම්බන්ධ බව සිටි බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි මහත්මිය ඊයේ සදහන් කලාය.

මෙම ත්‍රස්තයින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ලෙස මෙරට ව්‍යාපාර රැසක් ආරම්භ කොට තිබෙන බවත්  මෙම ත්‍රස්ත කල්ලියේ ව්‍යාපාරවලට වැඩි වශයෙන් ආයෝජන හා සම්බන්ධ වී  ඇත්තේ  රිෂාද් බදියුදීන් මහතා බවට ද ඇය කියාසිටියාය.

තුර්කි ත්‍රස්තයන් මෙරට කළ  ව්‍යාපාර, ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් කිසිවක් කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වී ඇත්තේ එවකට කැබිනට් ඇමතිවරුන් වූ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් නිසා බව විදේශ කටයුතු හිටපු රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ද  කොමිසම හමුවේ ඊයේ (5) හෙළිකළේය.

තුර්කි තානාපති කුංජා මහතා මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ගැන ආරක්ෂක අමාත්‍යංශයට ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලීම සදහා ගිය අවස්ථාවේදී කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක් නිසා ඒ සම්බන්ධයෙන් යමක් කළ නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් තමාට පැවසූ බව තානාපතිවරයා කීවේ යයි ඔහු පැවැසීය.

 ඒ එක් ඇමතිවරයෙක් රිෂාද් බදියුදීන් මහතා බව තානාපතිවරයා පවසා ඇත.

තමා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී තුර්කි තානාපති කුංජා මහතා තමාට ඔහුගේ නිල නිවසට කැදවා මෙම විස්තර පැවැසූ බව සේනානායක මහතා කියාසිටී.

තානාපතිවරයා පැවසූ විස්තරයට  අනුව එරට ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයේ කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින බවත් ඔවුන් විවිධ ව්‍යාපාර ආරම්භ කරමින් අරමුදල් රැස්කරයි.

එමෙන්ම  ජාත්‍යන්තර පාසල් පවත්වමින් දරුවන්ගේ මොළ සෝදන බවත් සදහන් කරමින් ඒ සම්බන්ධයෙන් සියලු විස්තර සහිත ලිපිගොනු කට්ටලයක් තමාට ලබාදුන් බව ද සේනානායක මහතා සදහන් කළේය.

එම ලිපිගොනුව ආරක්ෂක ඇමතිව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද, එවකට විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාට ද යොමු කළ බව ඔහු පැවැසීය.

පසුව ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු ලේකම්වරයාගෙන් කරුණු විමසූ විට  මේ සිද්ධිය සම්බන්ධයෙන් ‘අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් බැලන්ස් කළ යුතුව ඇතැයි’ කියූ බව සේනානායක මහතා කියාසිටියේය.

‘අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අහලාද වැඩ කරන්නේ?’ යැයි මෙහිදී කොමිසම වසන්ත සේනානායක මහතාගෙන් විමසා සිටියේ ය.

 ඊට පිළිතුරු දෙමින් වසන්ත සේනානායක මහතා සදහන් කළේ “හැමදාම එයාලා වැඩකළේ අමෙරිකානු තානාපති කාර්යාලයේ මතය විමසමින්” යනුවෙනි. අමෙරිකාව ෆෙටෝ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නොසැළකේ.

 චීනය සහ රුසියාව අතර බේදයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් එකල පැවති බව හා  එම මතභේදය ඇතිකිරීමට එවකට සිටි විදේශ කටයුතු ලේකම්වරයා ද සම්බන්ධ බව සේනානායක මහතා සදහන් කළේය.

එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කටයුතු කළේ එක් කදවුරකට ලැදිව බව ඔහු කොමිසම හමුවේ කියාසිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි