නවතම පුවත්

තෙල් ඇති ද? බලාගාර වැඩද? විදුලිය ගැන අදත් තීරණයක්

Roshan

Roshan


අසංක නවරත්න

විදුලි උත්පාදන බලාගාරවල තත්ත්වය, ඉන්ධන සැපයුම පිළිබඳ සලකා බලා අද (27) දිනයේදී ද විදුලි කප්පාදුව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය ද මේ වනවිට අක්‍රිය කර තිබීම හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් අද දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණි.

මේ අතර විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන ලෙස පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ද අදාළ අංශ වෙත උපදෙස් දුන් බව බලධාරිහු පවසා තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි