නවතම පුවත්

තෙල් ගන්න දුන් ඉන්දිය ණයෙන් භාගයක් දැනටමත් අවසන්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

න්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 න්, ඩොලර් කෝටි 29 ක් වටිනා ඉන්ධන මේ වන විටත් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (8) පැවසීය.

එම ණය ආධාර යටතේ වසරක කාලයක් තුළ ඉන්ධන ලබාගැනීමට හැකි බවත්, එම ආධාර යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කරගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් සභාපතිවරයා කීවේය.

ඉන්දීය ණය ආධාර ක්‍රමයට අමතරව වෙනත් සැපයුම්කරුවන් සමඟ ද ණය ගිවිසුම් අත්සන් කර තිබෙන බව කී සභාපතිවරයා මෙම ණය යෝජනා ක්‍රමය අවසන් වූ පසුව ද එම සැපයුම්කරුවන් හරහා ඉන්ධන ලබාගත හැකි බව කීවේය.
සුමිත් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදීය.

අප්‍රේල් මාසයේ දී මෙරට පරිභෝජනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 2,10,000ක් අවශ්‍ය වේ යැයි අනුමාන කර ඉන් මෙට්‍රික් ටොන් 2,65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,10,000ක් අවශ්‍යයැයි සිතා 1,54,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

දැනට ගොඩබාමින් ඇති නෞකාවේ ඇති ඩීසල් ප්‍රමාණයට අමතරව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හා දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් අනුව මෙම මස 11, 12 දිනවල ඩීසල් මෙට්‍රික් ටොන් 30,000, 14, 15 දිනවල මෙට්‍රික් ටොන් 40,000 ක් 21, 22 දිනවල මෙට්‍රික් ටොන් 37,300ක් සහ 22,23 දිනවල තව මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට කටයුතු සලසා ඇති බවත්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ද ඒ අතර වන බවත් හෙතෙම සඳහන් කලේය.

මේ හරහා ඇති ආරක්‍ෂිත ඩීසල් තොගය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පැවසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී