නවතම පුවත්

දකුණු ආසියානු ජනමාධ්‍යය ,කොවිඩ් සමයේ තම භූමිකාව නිවැරදිව ඉටු කලේ නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු ආසියාවේ ප්‍රධාන ධාරාවේ සම්ප්‍රදායික  ජනමාධ්‍යය බහුතරයක්  ,කොවිඩ් වසංගත සමයේදී, සමස්තයක් ලෙස ,  තම භූමිකාව හා කාර්යභාරය  නිවැරදි  අයුරින් ඉටු කර  නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ( Regional Advisor – Asia Pacific at International Media Support )  කලාපීය උපදේශක අචාර්ය රංග කලංසූරිය මහතා ප්‍රකාශ කර සිටී .

කොවිඩ් වසංගත සමයේ දකුණු ආසියානු ජනමාධ්‍යයේ භූමිකාව යන මැයෙන් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කල ජාත්‍යන්තර මාර්ගගත (ONLINE) සම්මන්ත්‍රණය අමතමින්, ශ්‍රී ලංකාවේ  හිටපු ප්‍රවෘත්ති  අධ්‍යක්ෂකවරයෙකුද වන  කලංසූරිය  මහතා මේ බව පැවසීය,

මාධ්‍ය හිමිකරුවන්ගේ අවශ්‍යතා මත , ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාකිරීමට සිදුවීම හේතුවෙන් මෙසේ දකුණු ආසියානු ජනමාධ්‍යය බහුතරයක් , තම වගකීම් හා යුතුකම් වලින් බැහැරව කටයුතු කර ඇති බවද කලංසූරිය මහතා මෙහිදී අවධාරණය කළේය .

ඉන්දියාව , පකිස්තානය , බංගලිදේශය , නේපාලය , මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ප්‍රවීණ  මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකාරීන්  රැසක් මෙම සමුළුව ඇමතු අතර කලාපීය මාධ්‍ය සහයෝගීතාවය ඉහල නැංවීමට මෙන්ම ජනමාධ්‍යයේ ගුණාත්මක භාවය කලාපීය වශයෙන්  ඉහල නැංවීමට  අදාළ යෝජනාවලියක් සැකසීමද මෙහිදී ආරම්භකෙරින ,

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුඛ්‍ය දේශනය ඉදිරිපත්කල අචාර්ය රංග කලංසූරිය මහතා මෙසේද පැවසීය

“පසුගිය වසර එකහමාරක කාලය තුල අපගේ රටේ ප්‍රධාන  ජනමාධ්‍ය වල ක්‍රියාකාරීත්වය දෙස බලන විට කැපී පෙනෙන කරුණු කිහිපයක්ම තිබෙනවා   . රටේ පවතින සැබෑ තත්වයන් පිළිබඳව එලෙසින්ම තොරතුරු වාර්තා කිරීමට එම ආයතන වල මාධ්‍යව්දීන්ට යම් අවශ්‍යතාවයක් තිබුණු නමුත් , එම ආයතන වල අයිතිකරුවන් ට එවැනි කිසිදු  අවශ්‍යතාවයක් නොතිබුණු බව ඉතා පැහැදිලියි .

අපේ රටේ මාධ්‍ය ආයතන බහිතරයක් ක්‍රියාත්මක වන්නේ වානිජ්‍ය අවශ්‍යතා හා අභිමතාර්ථයන්ට වඩා දේශපාලන අවශ්‍යතා හා අභිමතාර්ථයන් පදනම් කරගෙනයි ,මේ වනවිට මෙරට ජනමාධ්‍ය  බහුතරයක් ක්‍රියාත්මක වන්නේ ,  එක් දේශපාලනික කඳවුරක මෙහෙයවීම යටතේ බවද පෙනෙන්නට තිබෙනවා . එනම් රටේ පාලන බලය හිමි දේශපාලන කඳවුරේ මෙහෙයවීම මතයි .

මෙම තත්වය හේතු කොටගෙන මෙම වසංගත සමයේදී  මාධ්‍ය ආයතන බහුතරයක් , රජයේ ,ඕනෑ එපාකම් අනුවයි බොහෝ විට කටයුතු කලේ , එම මාධ්‍ය ආයතන වලින් ප්‍රචාරය වූයේ රජයට අවශ්‍ය කරුණයි . රජයේ මතවාදයයි . මේ හේතුවෙන් ව්‍යාජ තොරතුරු හා වැරදි තොරතුරු රැසක් මෙම සමයේ මාධ්‍ය වෙතින් ප්‍රචාරය කෙරුනා .

මෙහිදී  මුලින්ම විශාල වශයෙන් මිත්‍යාවන් ප්‍රචාරය කෙරුනා . මෙම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම රජයට අවශ්‍ය පරිදි රජයේ අවශ්‍යතා අනුවයි ක්‍රියාත්මක වුයේ . මෙහිදී විද්‍යාත්මකව සනාත නොකළ විවිධ වර්ගයේ ඖෂධ වර්හ මිත්‍යා විශ්වාස ප්‍රචලිත කිරීමට මාධ්‍ය කටයුතු කලා . මෙලෙස දුස් තොරතුරු ව්‍යාප්ත කිරීමට ඍජුවම කටයුතු කලේ සමාජ මාධ්‍ය නොව රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වීම විශේෂිතම කරුණයි .

එසේම මෙම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය , මාධ්‍ය අචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කළා . වසංගතය ආරම්භ වූ මුල් මාස කිහිපය තුල රටේ ප්‍රධාන මාධ්‍ය , විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය , රෝගීන්ගේ පුද්ගලිකත්ව අනිසි ලෙස අනාවරණය කළා. එය සම්පූර්ණයෙන්ම මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයක් . මෙලෙස අවස්ථා කිහිපයකදීම , කෝවිඩ් වසංගතයට අදාළ මාධ්‍ය වාර්තාකරණයේදී , මෙරට ප්‍රධාන මාධ්‍ය අතින් අඩුපාඩු රාශියක් සිදුවුනා . මේ අඩුපඩු ශ්‍රී ලංකාව තුල පමණක් නොවේ දකුණු ආසියානු රටවල් සියල්ලේම පාහේ සිදුවුණා ,

දකුනු ආසියාවේ ජනමාධ්‍යය , මෙම  වසංගත සමයේ මුහුණ දුන් හා මුහුණ දෙමින් සිටින ගැටළු බොහෝ එක  හා සමානයි . ආර්ථික ගැටළු ,  දේශපාලනීකරණයට ලක්වීම , ද්‍රවීකරණයට ලක්වීම ,  වෘත්තීය මට්ටමක නොපැවතීම වැනි ගැටළු රාශියක් දකුණු ආසියාතික ජනමාධ්‍යය මුහුණදෙමින් සිටිනවා .

දකුණු ආසියාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යය සමස්තයක් වශයෙන් මෙම වසංගත සමයේදී  තම භූමිකාව , කාර්යභාරය ,ඉතා නිවැරදිව ඉටු කල බවක් පෙනෙන්නට නැහැ . විශේෂයෙන්ම  ජනතාවට සත්‍ය හා නිරවද්‍ය තොරතුරු ලබාදීමේදී මෙන්ම ජනතාවට මගපෙන්වීමේ ක්‍රියාවලියද අපගේ මාධ්‍ය විසින් නිවැරදිව ඉටු කර නැහැ . ඊට හේතුව මෙම  ජනමාධය  ඒවායේ හිමිකරුවන්ගේ  විවිධ න්‍යායපත්‍රයන් අනුව ක්‍රියාත්මක වීමයි .”

 

මෙහිදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රධාන දේශනය ඉදිරිපත් කල හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ප්‍රවෘත්ති  කර්තෘ හා pixstory.com සම නිර්මාතෘ ජයන්ත් ජේකොබ් මහතා සඳහන් කලේ , සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන තොරතුරුවල නිරවද්‍යතාවය මැන බැලීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම කොවිඩ් සමයේ බරපතල ගැටලුවක්වී ඇති බවයි .

එසේම කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන පෙලේ මාධ්‍යවේදීන් 250 කට අධික පිරිසක් මියගොස් ඇති බවද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය .

සමුළුව හමුවේ  පකිස්ථානය වෙනුවෙන් ප්‍රධාන දේශනය පැවැත්වූ පකිස්තානු නියෝ නිව්ස් නාලිකාවේ  ප්‍රධාන පුවත්  සංස්කාරක , වකාස් අහමඩ් මහතා සඳහන් කලේ කොවිඩ් වසංගතය හේතුවෙන් එරට මතුවූ ආර්ථික අර්බුද , ජනමාධ්‍යය වෙතද ඍජුව බලපෑ බවයි . ඒ අනුව් එරට මාධ්‍යවේදීන් 5000කගෙ පමණ රැකියා අහිමිවී ගොස් ඇති බවද ඒ මහතා අනාවරණය කළේය .

බංගලාදේශය වෙනුවෙන් ප්‍රධාන දේශනය එරට ජී ටී වී පුවත්සේවයේ ශමිම් මොහොමඩ් මහතා ඉදිරිපත් කල අතර , කෝවිඩ් වසංගත සමයේ අර්බුද හේතුවෙන් එරට මාධ්‍ය ආයතන වැසී යාමේ තර්ජනයකට මුහුණ දෙන බව ඒ මහතා පැවසීය .

නේපාලය වෙනුවෙන් ප්‍රධාන අදහස් දැක්වීම සිදුකල එරට නාගරික් පුවත් පතේ ප්‍රධාන කර්තෘ ගුන රාජ් ලුටෙල් මහතාද කොවිඩ් සමයේ එරට මාධ්‍යවේදීන් හමුවේ ඇති අභියෝග පිලිබදව හෙළිදරව් කළේය . සියලු අභියෝග මධ්‍යයේ , ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමට එම මාධ්‍යවේදීන් දරන උත්සාහයන් ගැනත් ඔහු පැහැදිලි කළේය .

මාලදිවයින් වෙනුවෙන් එරට පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂක හසන් සියාහු මහතා මෙහිදී කරුණු දැක්වූ අතර මාධ්‍යවේදීන් හා මාධ්‍ය ක්‍රියාකාරීන්ට අමතරව ඉන්දියාවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක වන ආචාරය ටී එස් පූර්ණිමා මහත්මියද මෙහිදී අදහස් ඉදිරිපත් කලාය .

ඉන්දියානු ජාමාධ්‍ය වෘත්තීය සංගමයේ සභාපති බාලා බාෂ්කර් මහතාද ,නේපාලයේ අවුට්ලයින් මාධ්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා සම්ජනා පෞදෙල් මහත්මියද , ඉන්දියාවේ කර්ණාටක වෘතීය ජනමාධ්‍ය සංගමයේ විධායක කමිටු අධ්‍යක්ෂක මාධ්‍යවේදී සත්‍ය නාරායන මහතාද මෙහිදී ව්ශේෂ දේශනයන් ඉදිරිපත් කළහ .

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතා මෙහිදී අදහස දක්වමින් සඳහන් කලේ මෙම කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දකුණු ආසියානු මාධ්‍ය සහයෝගීතාවයක් ගොඩනැංවීම සඳහා තම සංගමය ඉදිරියේදී පියවර ගන්න බවයි .

එසේම මෙම සමුළුවේදී ඉදිරිපත් වූ යෝජනා සියල්ල එකකට විශේෂ යෝජනාවලියක් සැකසීමට පියවර ගන්න බවත් එය දකුනුආසියානු රටවල පාලනාධිකාර වෙත ලබාදීමට කටයුතු යොදන බවත් සංගමයේ මහලේකම් පැතුම් වික්‍රමරත්න මහතා මෙහිදී සඳහන් කළේය .

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආචාරය ප්‍රදීප් වීරසිංහ , ඩිලන්ත විතානගේ  ඇතුළු විද්වතුන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

සමුළුව මෙහෙයවීම මර්ශාඩ් බාරි මහතා විසින් සිදුකල අතර ඉන්දියාවේ pixstory.com මෙම සමුළුවේ සමාජ මාධ්‍ය අනුග්‍රාහකත්වය දැරීය . freemedia.lk වෙබ් අඩවිය මෙහි තාක්ෂණික සම්භන්ධීකරණය සිදුකළේය .

YouTube player

 

 

 

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී