නවතම පුවත්

දැරණියගල මියගිය තරුණයාට කොරෝනා නෑ

අසංක

අසංක

උණ රෝගය උත්සන්න වී කෑගල්ල රෝහලට ඇතුලත් කළ 22 හැවරදි තරුණයෙක් රෝහල් ගත කර සුළු වේලාවකට පසු මිය යාමත් සමග ඔහු මිය ගියේ කොවිඩ් 19 වෛරසයෙන් බවට ඇතිවුණු සැකයක් මත ඔහු පදිංචිව සිටි අරණායක කළුගල කොස්ඇල්ල ගම්මානය ඊයේ (05) සවස සිට අද (06) සවස් වන තුරු දැඩි ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබුණි.

මේ තත්වය මත කෑගල්ල දිස්ත්‍රික්කයට අද උදෑසන 6.00 සිට සවස 2.00 දක්වා ඇදිරි නීතිය ඉවත් කළද ගම්මානයේ වැසියන්ට ගමින් පිටතට ගමන් කිරීමට ඉඩක් නොවීය. මෙම මරණයත් සමග මුළු ගම්මානයත් කෑගල්ල රෝහල් කාර්ය මණ්ඩලයත් භීතියට පත්ව සිටියහ.

තරුණයාගේ සිරුර කොවිඩ් 19 රෝගියෙකුගේ මරණයක් සිදුවූපසු කෙරන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් මුද්‍රාතැබීමටද රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි. ඊට පෙර ඔහුගේ ජෛව සාම්පලයක් කොවිඩ් 19 වෛරස පරීක්ෂාවට යොමු කර තිබී ඇති අතර එහි වාර්තාව ලැබී ඇත්තේ අද සවසය. එම වාර්තාවට අනුව එම තරුණයා මියගොස් ඇත්තේ කොවිඩ් 19 ආසාධනයෙන් නොවන බව තහවුරු වී තිබේ. ඒ අනුව ගම්මානයට දමා තිබූණු දැඩි ආරක්ෂාව ලිහිල් කිරීමට අරණායක පොලීසිය පියවර ගෙන තිබේ. අනතුරුව කළ පශ්චාත්මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ තරුණයාගේ මරණය සිදුව ඇත්තේ මොලේ උණ රෝගයෙන් බව යැයි සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සදහන් කළේය.

මෙම තරුණයා 22 හැවරිදි වියේ පසුවූ අයෙකි. කොළඹ නාවල පිහිටි ගරාජයක සේවයේ නිරතව සිටි ඔහු පසුගිය 13 වෙනිදා සිය නාවල සිට සිය නිවසට පැමිණ සිටියදී උණ රෝගය වැලදී ඇති බව සදහන්ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි