නවතම පුවත්

දිස්ත්‍රික් 8කට යළි ඇඳිරිනීතිය අද 2ට – කඩ අසල දිගු පෝලිම්

අසංක

අසංක

කොළඹ , ගම්පහ , පුත්තලම සහ උතුරු පළාතට පනවා තිබුණු ඇදිරි නීතිය අද (24) අළුයම 6.00 ට අවසන් කළ අතර එය යළි පනවනු ලබන්නේ අද පස්වරු 2ට ය.

මීට පෙර දන්වා තිබුණේ අද දහවල් 12ට ඇඳිරිනීතිය යළි පනවන බවයි.

අද පෙරවරුවේ ඇඳිරිනීතිය අවසන් කිරීමත් සමග වෙළද සැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්කනට ලැබුණි.

මහජනතාව සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් මීටරයක පරතරය තබා ගනිමින් එම පෝලිම්වලරැදී සිටිනු වැඩි වශයෙන් දක්කට ලැබුණි.

දිගු පොලිම් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සතොසඅලෙවි සැල්ඉදිරි පිටය.

ගම්පහ සතොසින් භාණ්ඩ මිලදී ගැනීමට පැවැති පෝලිම කිලෝ මීටරයක් දෙකක් තරම් ඈතට විහිදී තිබුණි.

සෑම වෙළද සැලක් ඉදිරිපිටම පාහේ පෝලිම් දක්නට ලැබුණි.

එළවළු මිලගණන් ඉතා වශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් පෙනෙන්නට විය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක් නොවන දුරකතන රීලෝඩ් ලබා ගැනීමට පවා කොමියුනිකේෂන් ඉදිරිපිට දිගු පොලිම් දකින්නට ලැබුණි.

ගම්පහ නගරයේ එක්තරාකොමියුනිකේෂන් ආයතනයක් ඉදිරිපිට දක්නට ලැබුණු පෝලිම කිලෝ මීටරයකට ආසන්නය විය.


ඹෟෂධ හල් අසලද පොලිම් දකින්නට ලැබුණු අතර මාර්ගයේ වාහානද විශාල වශයෙන් සැරිසරන්නට විය. පොදුවේ ගත් කළ ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් හැකි උපරිම ආකරයට පිළිපදින බවක් දක්නට විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි