නවතම පුවත්

දුම්රියත් නවතීවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා නිවේදනය කරයි.

ඇතැම් රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා තිබුණ ද සියලුම පාර්ශවයන්ගේ අත්‍යාවශ්‍ය සේවාවක් වන දුම්රිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳව කණගාටු වන බවත් පොදු ප්‍රවාහනයේ වැඩි කොටසක් ආවරණය කරන දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් මීට වඩා සොයා බලා කටයුතු නොකරන්නේ නම් දුම්රිය ධාවනය ඉදිරියේ අතරමග නතර වනු ඇති බවත් කසුන් චාමර මහතා කීය.

‘කොවිඩ්’ සමයේ පැවති පරිදි සතියට වරක් සේවා ස්ථානය සඳහා කැදවීම හරහා මෙම ඉන්ධන අර්බුදය හමුවේ අප සේවකයන් වෙත සහනයක් ලබා දෙන ලෙස ද ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්