නවතම පුවත්

දුම්වැටි, මත්ද්‍රව්‍ය ප්‍රචාරණය හා ටෙලි-සිනමා කර්මාන්තය

අසංක

අසංක

 ප්‍රජා වෛද්‍ය විශේෂඥ ,
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ
මහජන සෞඛ්‍ය පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

සංස්කාරක/ටොබැකො අන්මාස්ක්ඩ් වෙබ් අඩවිය
වෛද්‍ය මනුජා පෙරේරා

 

වර්තමානයේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් ගැන සමාජ මාධ්‍ය තුල මා පළකල අදහසකට ලැබුණු ප්‍රතිචාර අනුව මට පෙනීගිය ප්‍රධානම කාරණය නම් සිනමා සහා ටෙලිනිර්මාණ කර්මාන්තය සහා ඒ හා බැඳී පවතින වෙළඳ ප්‍රචාරණ උපක්‍රම ගැන අපේ අවබෝධය ඉතාමත් අඩු බවය.

ඒ අනවබෝධයේ ප්‍රතිඵල තවත් භයානක වන්නේ තිරයෙන් පමණක් හමුවී ඇති, සැබෑ ජීවිතයේ කෙබඳු පුද්ගලයින්දැයිවත් නොදන්නා නළුවන්ට, නිළියන්ට, තිරකථා රචකයින්ට, අධ්‍යක්ෂකවරුන්ට සහා නිෂ්පාදකවරුන්ට තම පවුලේ අයට තරමටම ආදරේ කිරීමට, ඔවුන්ව විශ්වාස කිරීමට තරම් අප හැඟීම්වලින් ඔවුන් හා බැඳීමය.

සිනමා තීරයේ, ටෙලි නාට්‍යයේ සිගරට් එකක් දල්වාගැනීමට එම නළුවාට (හා/හෝ අධ්‍යක්ෂකට/ නිෂ්පාදකට) දුම්කොළ සමාගමෙන් මුදල් දෙන්නට ඇති බව කවුරුත් හෝ පැවසුවහොත් කියන කෙනාට බැනුම් ඇසීමට වන තරමට ඒ හැඟීම් ප්‍රභලය.

දුම්කොළ සමාගම් හොලිවුඩය සමඟ සම්බන්ධතා ඇතිකරගත්තේ කෙලෙසද?” යන මාතෘකාව ඔස්සේ BMJ Tobacco Control නම් විද්‍යාත්මක පර්‍යේෂණ සඟරාවේ විද්‍යාත්මක පර්‍යේෂණ වාර්තාවක් පලවිය. මෙය ගවේෂණාත්මක ව්ද්‍යාත්මක පර්‍යේෂණයකි (investigative research). මෙම පර්‍යේෂණය සිදුකර ඇත්තේ දුම්කොළ සමාගම්වල රහස්‍ය වාර්තාවල දත්ත විශ්ලේෂණය කිරීමෙනි. ඔවුන්ගේ මූලික සොයාගැනීම්වලට අනුව දුම්කොළ සමාගම් හොලිවුඩය “හසුකරගැනීම” සඳහා මූලික උපක්‍රම 4ක් භාවිතා කර ඇත.

1. මුදල් ගෙවා ඔවුන්ගේ නිර්මාණ තුළ නිෂ්පාදන ස්ථානගත කිරීම (product placement).
2. නළු නිළියන්ට සහා නිෂ්පාදන කණ්ඩායමට නොමිලේ සිගරට් ලබාදී ඔවුන්ව දුම්පානයට ඇබ්බැහි කරවාගැනීම.
3. නළු නිළියන්ට මුදල් ගෙවා සිගරට් සහා දුම්පානය ගැන ධනාත්මක මාධ්‍ය ප්‍රකාශන ලබාගැනීම.
4. නළු නිළියන් දුම්බොන අවස්ථා චායාරූප ගතකර ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා චායාරූප ශිල්පීන්ව කුළියට ගැනීම.

ඔව්… ඔබට දැන් ඔබ ඇසූ දුටු යම් යම් දේවල් මතක් වෙනවා නොඅනුමානය. ඔබ ආදරය කරන නළුවා හෝ නිළිය මින් කුමන උපක්‍රමයේ ඉත්තෙක් වූවාදැයි ඔබටම පැහැදිලිවූ බව මට නිසැකය.

 

ඉහත දැක්වෙන්නේ Product placement වල උදාහරණයකි. මෙය මෙම උපක්‍රමය භාවිතා කල මුල්ම අවධියේ ජායාරූපයකි.

කෙසේ වෙතත්දැන් එලෙස අමු අමුවේ වෙළඳනාම ප්‍රචාරණයන්වල යෙදෙන අවස්ථා අඩුය. දැන් ඊට වඩා සූක්ෂ්මය. දැන් ඔවුන් ප්‍රවර්ධනය කරන්නේ භාවිතයයි. භාවිතය ප්‍රවර්ධනයවූ විට නිෂ්පාදන ඉබේම ප්‍රවර්ධනය වේ. උදාහරණයක් ලෙස සිගරට් සඳහා වෙළඳ නාමයක් පෙන්වීම අවශ්‍ය නැත. මොන සිගරට් එක බිව්වත් වාසි එකම සමාගමටය. ගංජා පිළිබඳ සන්සිද්ධියත් එලෙසමය.

 

ඉහත රූපය පලකිරීමට සිතූනේ එය මෑත ඉතිහාසයේ ලංකාවේම උදාහරණයක් නිසාමය . මෙම චිත්‍රපටයට විරුද්ධව නඩුමගට බැසි දුම්කොළ සහා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) පරාජයට පත්වීය. දර්ශන ගණනාවක දුම්බීම, සිගරට් වෙළඳ නාම ප්‍රවර්ධනය සිදුවු බව වාර්තාවුවද, අවසාන මිනිත්තු කිහිපයේ ප්‍රධාන නළුවා දුම්බීමෙන් මියගිය නිසා සැකයේ වාසිය චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමට හිමිවිය.

මේ සිද්ධිය සහා සිගරට්, මද්‍යසාර, ගංජා යන තෙවර්ගයම බහුලවම, අමු අමුවේම ප්‍රචාරණය කරමින් මේ දිනවල තිරගතවන එක් ටෙලිනාට්‍යයක් ගැන සිනමා කර්මාන්තයේම කෙනෙක් සමඟවූ සාකච්ඡාවකදී එතුමා මට ඉදිරිපත් කළ ප්‍රධාන කරුණ “එයාල ඉතින් බහුතර සමාජ හැසිරීම අනුව, යතාර්ථය තමයි නිරූපණය කරන්නෙ” ‍යන්නය. ඒ තර්කය මා නිතර අසා ඇත. සිනමා කර්මාන්තයට සම්බන්ධ නොවන අයද එම තර්කයම ඉදිරිපත් කරන්වා මා දැක ඇත. ඒත් යථාර්ථය එය නොවේ. ඔවුන් නිරූපණය කරන්නේ බහුතර සමාජ හැසිරීම නොවේ. ලංකාවේ ජනගහනයෙන් දුම්බොන්නෙ 15%කි, නිතර මද්‍යසාර භාවිතා කරන්නෙ 10%කි. ලංකාවේ ජනගහනයෙන් ගංජා භාවිතා කරන්නේ 1%කටත් අඩු ප්‍රමාණයකි. ඔව්. ඔබට දැන් යතාර්ථය පැහැදිළිවීමට ඇතැයි සිතමි.

දෙවනි උපක්‍රමය පළමු උපක්‍රමයට වඩා දුම්කොළ (සහා මද්‍යසාර, ගංජා) කර්මාන්තකරුවන්ට වාසිදායකය. ලාභදායකය. එබැවින් ප්‍රවර්ධනය/ප්‍රචාරණය වන හැම අවස්ථාවකම එයට දුම්කොළ සමාගමෙන් මුදල් ලැබී ඇති බව අපට උපකල්පනය කළ නොහැක. ඒත් දුම්කොළ සමාගම් ඔබ ආදරය කරන නළුවාව හෝ අධ්‍යක්ෂකව ඔවුන් වෙනුවෙන් “කඩේ යවන්නේ” මුදල් ගෙවා පමණක් නොවන බවත්, කර්මාන්තකරුවන්ගේ බලපෑම් (Industry Interference) සෑමවිටම මුදල් ගණුදෙනු මත පමණක් රඳා නොපවතින බවත් සිහියේ තබාගැනීම ඔබේත් මගේත් “සෞඛ්‍යයට හොඳය”.

ඔබට, මට මෙහිදී සිදුකිරීමට විශාල කාර්‍යභාරයක් ඇත. ඔවුන් එලෙස දුම්කොළ සමාගම්වලට “කඩේ යනවිට” ඔවුන්ට විරුද්ධවන්න. ඔවුන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵල අපේ රටට සහා විශේෂයෙන්ම රටේ දරු පරපුරට අහිතකරව බලපාන බැවින් ඔබට ඒ සඳහා අයිතියක් ඇත. ඔබට ඒ සඳහා ධෛර්යයක් නැත්නම් එය සාධාරණීකරණය කිරීමෙන්වත් වැළකී සිටීමට ඔබට පුළුවන. ඔවුන් වැටී ඇති උගුලට අන් අයවත් ඇද දමා දුම්කොළ සමාගම්වලට රටේ දරු පරපුර බිල්ලට දීමට ඔවුන්ට සහය නොවීම රටේ අනාගතය වෙනුවෙන් ඔබට කිරීමට හැකි ප්‍රභල සහා වටින යුතුකමකි. ඔවුන්ව එයින් මුදවාගැනීමට ඔබට හැකි නම් ඔවුනුත්, ඔබත් රටත් දිනනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි