නවතම පුවත්

දූෂණයෙන් තොර දේශපාලකයෙකුගේ නිවසින් අබ මිටක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සිවුකොණෙන් ඉස්මතු කිරීමට අපේක්ෂා කරන කාරණය අපි මින් පෙර දශක ගණනාවක් පුරා සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම ද්‍රවිඩ බසින් පවසා ඇත්තෙමු, කාටූන මගින් පවසා ඇත්තෙමු, සාමකාමීව පවසා ඇත්තෙමු, ආවගයෙන් කෑගසා ඇත්තෙමු. ඒ සියල්ලක් කණකට නොගෙන්නා ඔබ උදෑසනින්ම ගොස් කතිරය ගසා නීතියක්, සදාචාරයක්, මනුෂ්‍යත්වයක් හදුනන්නේ නැති නොමිනිසුන් රැළක් ඔබගේ දේශපාලන නියෝජිතයන් ලෙස පත් කොට උත්තරීතර පාර්ලිමේන්තුව වෙත දැක්කීම අප කෙසේ අනුමත කරන්නද. ඔබගේ මනාපය අපේක්ෂාවෙන් එක් එක් දේශපාලන පක්ෂ වෙතින් ඔබ නිවසට සුදු පිරුවට පොරවාගෙන පැමිණෙන්නේ මෙවන් සොර මුලක් නම් ඔබ ඔවුනට ඡන්දය ලබා දෙනවා විනා වෙන කුමක් කරන්නද? දෙන්නන් වාලේ ගොස් ඡන්දය දෙනවාට වඩා විකල්පයක් ඡන්දදායකය සතුවේද? අද සිවුකොණ වෙන්වන්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සේවීම සදහායි.

ශ්‍රී ලාංකීය දේශපාලනය අර්ථකථනය කිරීම සදහා අටුවා ටීකා ටිප්පනි අවශ්‍යනොවේ, එය වචනයේ පරිසමාපිතාථයෙන්ම නරා වලකි. කලක් මුළුල්ලේ සොර මුලකගේ ආධිපත්‍යයට යටත් වූ සමකාලීන  ලාංකීය දේශපාලනය යනු නීතියක්, සදාචාරයක් අදාල නොවන ප්‍රපංචයකි. කොටින්ම දේශපාලඥයන් හට නීතිය හා සදාචාරය අදාල නොවේ. දේශපාලකයින් විසින් මහජන දේපල මහ දවල් කොල්ල කෑවද නීතිය ඉදිරියේ ඔවුන් නිර්දෝෂවන්නේ කිසිවෙකුහටත් සිතා ගත නොහැකි පරිද්දෙනි. මේ සදහා එකිනෙක බැදි නිදසුන් අවැසි නොවන්නේ ලාංකීය දේශපාලඥයා ක්‍රම ක්‍රමයෙන් දේශපාලුවකු බවට පත් වූ පරිනාම චක්‍රය ලාංකීය වැසියා හොදින්ම අත් විද හදුනන බැවිනි.  ඉහත සදහන් චක්‍රය මෙතුවක් දක්වා මජර හා අසික්ෂිත මට්ටමකට පත් වීම සදහා දේශපාලුවා හට රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණ යන මහ කුළුණු ත්‍රිත්වය විසින්ම සෘජුව හෝ අනියමෙන් අනුබලයක් ලබා දී තිබීම කණගාටුවට කරුණකි. එහි මහා ඛේදවාචකය වන්නේ මහ ජනතාව වෙනුවෙන් අතිශය ස්වාධීන ලෙස කටයුතු කළ යුතු අධිකරණය දේශපාලුවන්ගේ ග්‍රහණයට නතු වීම වන අතර ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු පොලීසිය දේශපාලුවන්ගේ හා පාතාලයේ අතකොළුවක් බවට පත්වීමය. එහි දිගුවක් ලෙස පොලීස් දෙපාර්තමේන්තුවේම මත්ද්‍රව්‍ය නාශක කාර්යන්ෂයේ නිලධාරීන් පිරිසක් විසින්ම මත්කුඩු ජාවරම් කොට හසුවීමත් මේකී තත්වයට කදිම නිදසුන් සපයයි.

ලාංකීය සමස්ත දේශපාලන ක්‍රියාවලියම අතිශය දූෂිත බැව් අසරණ මහජනයා හොදින් දන්නා නමුත් ඔවුන් දශක ගණනක් පුරාවට මෙකී දේශපාලුවන් එකිනෙකා උත්තරීතර පාර්ලිමේන්තුවට පත් කොට යැව්වේ අලුත් පාර්ලිමේන්තුවකින් නැවුම් අපේක්ෂාවක් ඇතිවනු බවට වූ හැගීමෙනි. නමුත් අවාසනාවකට මෙන් පසුගියදා විසිරවූ පාර්ලිමේන්තුව දක්වා අප අත් වින්දේ එහි දූෂිත බව මිස අනෙකක් නොවේ. පාර්ලිමේන්තුව තුලදී මූනිච්චාවට එකිනෙකා චෝදනා කර ගත්තද හිර බැස ගියපසු ඔවුහු එකිනෙකා කරේ අත දමාගනිමින් මහජන දේපල හවුලේ කොල්ල කෑහ. බහුතරයක් දෙනා මහජන දේපල මහ දවල් කොල්ල කන විට තවත් ඉතා සුළුතරයක් වූ දේශපාලඥයින් එසේ නොකර නිහඩව සිටිමින් මහ ජනයා හට ඉගි කරන්නේ තමන්ද සොරෙකු නොවන බව වුවද හය හතර නොතේරෙන ලාංකිකයා එය වටහා ගත් යුත්තේ සොරකමබව දැන දැන නිහඩව සිටීමද සොරකමට අනුබල දීමක් ලෙසය.

මේ සියල්ල මෙසේ සිදු වද්දී මේ මොහොත වන විටත් ඉහත කී සුදු රෙදි හොරුන් ඡන්දය හිගමින් ඔබගේ නිවස එළිපත්තට පැමිණ සිටියි. ලාංකීය ජනයා නිවසට පැමිණි ආගන්තුකයකු ඉළපතෙන් ගසා පන්නා ගන්නා තරමට පහළ මට්ටමකට වැටී නොමැති වුවත් ඔබ මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද? ඔබ දූෂිතයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම යනු ඔබ එකී දූෂිතයාගේ ක්‍රියා පටිපාටිය සිවිල් වැසියකු ලෙස අනුමත කිරීමය. ඒ අනුව ඔබගේ ඡන්ද පත්‍රිකාවේ ලැයිස්තුගත අපේක්ෂකයින්ගෙන් ඔබ විශ්වාස කරන පරිදි කිසිවෙකුත් චෝදනා ලද්දෙකු වේ නම් ඔබගේ වටනා ඡන්දය ඔවුන් වෙත ප්‍රකාශ නොකර සිටීම මේ මොහොතේ වගකිවයුතු සිවිල් වැසියකු ලෙස ලාංකීය ඔබගේ යුතුකම ලෙස අපි දකිමු. එසේම සමස්ත පාර්ලිමේන්තුවම ඉහත කී පරිදි අන්ත දූෂිත මරමස්ථානයක් නම් ඔබ අතට පත්වීමට නියමිත ඡන්ද පත්‍රිකාවේ දූෂණයෙන් තොර දේශපාලකයෙක් සිටීමට ඇත්තේ කෙතරම් අවම අවස්ථාවක් දැයි ඔබ ඔබගේ හෘද සාක්ෂ්‍යයෙන් විමසා බැලිය යුතුය. එසේ නම් ඔබගේ වටනා ඡන්දය මෙවන් සොරමුලක් පාර්ලිමේන්තු යැවීම සදහා භාවිත කරන්නේ කෙසේදැයි ඔබම විමසා බැලිය යුතුය.

එසේ නොමැතිවන කල ඔබ කර මතින් පාර්ලිමේන්තු යන මේකී සොර මුල, පාර්ලිමේන්තු දොරෙන් ඇතුළු වූ මොහොතේ පටන් ඔබව වසර පහකට අමතක කොට දමා තමන් මේ දක්වා පැමිණි පා පැදිය විකුණා මොන්ටෙරෝ රථයක් මිලට ගන්නා ආකාරය පිළිබද පමණක් සිතනු ඇත. ඒ සිහිනය වෙත යෑමේදී ඔවුන් ඕනෑම දහදුනා ක්‍රියාවක නිරත වනු ඇත.

 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?