නවතම පුවත්

දෙවැනි සැරේටත් රට බේරලා දෙන්න මහසගරුවන ගෝඨාභයට කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (13) උදේ අටමස්ථානය වැදපුදා ආශිර්වාද ලබා ගත්තේය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරස්ථානයට ගොස් මිරිසවැටිය විහාරාධිකාරි ඊතල් වැටුනවැවේ ඥාණරතන හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අදහස් දැක්වූ මිරිසවැටිය විහාරාධිකාරි ඊතල් වැටුනවැවේ ඥාණරතන හිමියෝ මෙසේ පැවසූහ. රුවන්වැලිසෑය පිංකම ඉතා හොඳින් සිදු කෙරුණා. ගම් දනව්වල පිරිස ස්වෙච්ඡාවෙන්ම පැමිණ රුවන්වැලි සෑ මළුව පිරෙන්න සෙනග පිරුණා. ඒ සෙනඟ සාධුකාර සිතින් බැඳී ප්‍රාර්ථනා කලේ ලොව්තුරා බුදු හිමියන්ගේ ආධ්‍යාත්මයයි. ඒ ආධ්‍යාත්මයෙන් රජවරු 104 දෙනෙක් රජ කරපු ශද්ධවූ බුද්ධ භූමියට වැඩ සිටින්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමන්ලාට ප්‍රාර්ථනා කළා.

එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය ලේ විලක් කරලා තිබුණා. ඒ භූමිය අද වෙනකොට පූජනීය වන්දනීය සුවඳවත් වූ පිරිස් දස දහස් ගණනින් සාදු සාධු නාදය දෙන බුදු ගුණ කියමින් වදින ස්ථානයක් බවට පත්කළ පින ඔබට ලැබිලා තිඛෙනවා. එදා බිමට සමතලා කරපු දළදා මාලිගාව අද මිනිසුන් මල් පූජා කරලා සුවඳවත් කරන, බුදු ගුණ මුමුනන, වදින පුදන පරිසරයක් කළේ ඔබතුමයි. ඔබතුමා එදා තිබුණු පරිසරය වෙනස් කරපු නිසයි. එදා කෙහෙල් කොට එක්ක මස් කෑල්ලක් දාලා මේ ඔබගේ පුතා කියලා කිව්වහම ඒක පිළිගන්න මිනිස්සුන්ට සිද්ධ වුණා. කෙහෙල් කොට කරේ තියාගෙන ගිහිල්ලා තමයි තමන්ගේ දරුවාව ආදාහනය කලේ. මේ වෙනකන් එදා යුද්ධය තිබුණ නම් අද වන විට තවත් තරුණයො විශාල පිරිසක් මැරිලා, මේ වෙනකොට සිංහල ජාතියක් නැති වෙන්න තිබුනා. එදා අපිට අහන්න ලැබුණේ දිනකට මෙපමණ මැරෙනවා, මෙපමණ තුවාල වෙනවා, දිනකට මේ තරම් ආර්ථීකය විනාශ වෙනවා, දිනකට මේ තරම් අපේ භෞතික සම්පත් නැතිවෙනවා, කියන ප්‍රවෘත්ති පමණයි. ඒවා ගණන් හදමින් ටීවී වල ප්‍රචාරය කළා.

ඒ පරිසරය, ඒ සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් කරල දුන්නෙ ඔබතුමා. දුටුගැමුණු රජතුමාට මේ රට එක්සේසත් කරන්න ගත වුණේ අවුරුදු තුනයි මාස හයක කාලයක්. රජවරු 160 දෙනෙක් රජ කරපු මේ ශ්‍රී ලංකාදීපයේ රජවරු 104 දෙනෙක් රජ කරපු මේ ශුද්ධ වූ බුද්ධ භූමියේ විශාල ආනුභාවයක් තිඛෙනවා. අනන්ත අප්‍රමාණ ගුණයක් තිඛෙනවා. ලෝකයේ වැඩිම ජනතාවක් එන්නේ මේ ශුද්ධ වූ බුද්ධ භූමිය වැඳ පුදා ගන්න. ලෝකයේ දෙවිවරු වැඩියෙන්ම වඳින්න පුදන්න එන්නේ මේ ශුද්ධ වූ බුද්ධ භූමියයි. දහස් ගණන් මිනිසුන් ගේ සංසාර දුක, භව දුක කියන්න එන්නෙත් මේ ශුද්ධවූ බුද්ධ භූමියට. ඒ නිසා මේ පරිසරය නිර්මාණය කළ කුසලයෙන් ම මේ රට ජාතිය නැවත ගොඩගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ජවය බලය ආශිර්වාදය ලැඛෙනවාමයි.

ජාතියට අනාගතයක් තිඛෙනවා නම් සොබාව ධර්මය නිසි කෙනා නිසි වේලාවට ලබා දෙනවා. සමස්ත භික්ෂු සංඝයා වහන්සේ වෙනුවෙන් ම අපි ඔබතුමාට මේ රට දෙවැනි සැරේටත් බේරලා දෙන්න ආශිර්වාද කරනවා.



train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි