නවතම පුවත්

දේශපාලන හයියෙන් මාරුව නොගෙන වෙනත් විදුහලකින් පඩිගන්න ආනන්දේ සර්

අසංක

අසංක

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය අඩක් නිමකර තිබියදී විවෘත කිරීම සංවිධාන කර ඇත්තේ දේශපාලන හයිය භාවිත කොට රාජගිරියේ ජනාධිපති විද්‍යාලයට මාරුවක් ලැබ එම විද්‍යාලයෙන් වැටුප් ලබමින් තවමත් ආනන්ද විද්‍යාලයේ සිටින ගුරුවරයකු බවට හෙළිවී තිබේ.

වසර 10ට වැඩි කාලයක් සිටීම නිසා මෙම ගුරුවරයා රාජගිරියේ ජනාධිපති විද්‍යාලයට මාරු කර ඇත්තේ මැයි මාසයේදී ය.

එම මාරුවීම ද දේශපාලන සවිය භාවිත කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයට අනුයුක්ත කරගත්ත ද එය අවලංගු වීම නිසා රාජගිරියේ ජනාධිපති විද්‍යාලයට මාරුවීමට ඔහුට සිදුවී තිබේ.

එහෙත එම තවමත් මෙම ගුරුවරයා කටයුතු කරනුයේ ආනන්ද විද්‍යාලයේ ය.

සත්මහල් ප්‍රාසාදයේ අධීක්ෂණ කටයුතු භාරව සිටිමින් පසුගියදා මාපිය විරෝධය මත හා මැතිවරණ නීති කඩකිරීම නිසා විවෘත කිරීම අත් හිටුවූ උත්සවය සංවිධාන කර ඇත්තේ මොහුගේ දේශපාලන බලහත්කාරයෙන් බව එම විද්‍යාලයේ ගුරුවරු හා මාපියෝ ද චෝදනා කරති.

මේ පිළිබඳ ඊයේ පැමිණිලි කළ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවැසීය.

නීතිවිරෝධී අයුරින් කටයුතු කරන මෙම ගුරුවරයා පිළිබඳ රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද තම සංගමය අපේක්ෂාවෙන් සිටින බවත් ගුරු මාරු ක්‍රියාවලිය තුළ තම සංගමය තවදුරටත් රැඳී සිටින්නේද නැද්ද යනව මෙමගින් තීරණය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්