නවතම පුවත්

දේශපාලන අවුල IMF සාකච්ඡාවලට බාධාවක්

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති දේශපාලනික අස්ථාවරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සදහා බාධාවක් වියහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන ණය පහසුකම් ලබාගැනීමේ සාකච්ඡාවල ප්‍රගතිය හා එකඟතාවයන් ළගාකර ගැනීමට වර්තමාන දේශපාලන අස්ථාවරත්වය යටතේ කල්ගතවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා කීය.

එවිට මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ද අඩාල කළ හැකි බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දේ.

මූල්‍ය කටයුතු ඉන්ධන,  ගෑස්,  අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය වළක්වා ගැනීම සදහා හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුනි.

ඉන්දියානු සංචිත බැංකුව ඩොලර් බිලියනයක් හුවමාරුකර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු මෙහිදී සදහන් කළේය.

එමෙන්ම ඉන්ධන ආනයනය සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය සහනයක් සදහා සාකච්ඡා පැවැත්වෙන බව ද අධිපතිවරයා කීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?