නවතම පුවත්

දොඩං‌ගොඩ මව හා දැරියක පැහැරගැනීමේ සැලසුමට ‌හේතුව තෑගි ‌ගොඩක් ජයගත් නිසාලු

අසංක

අසංක

කළුතර දොඩංගොඩදී මවක හා දැරියක පැහැරගැනීමට පුද්ගලයන් කිහිපදෙනකු සැලසුම් කිරීමට හේතුවී ඇත්තේ මීට වසර 2කට පෙර වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකදී එම දැරිය විසින් විශාල සහතිකපත් හා තෑගි සංඛ්‍යාවක් හිමිකරගැනීම නිසා ඇති වූ වෛරයක් බවට මූලික පොලිස් විමර්ශනයේදී හෙළිවී තිබේ.

සැකකරුවන් විසින් පැහැරගැනීමට සැලසුම් කර තිබුණේ 8 හැවිරිදි දැරියක වන අතර ඇය නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවියකි. ඇයගේ පියා වෛද්‍යවරයෙකි.

දැරිය සහ මව පැහැරගෙන ගොස් මුදල් බලෙන් ලබාගැනිමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනකු අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් 25 හා 40 හැවිරිදි දොඩංගොඩ පදිංචිකරුවන් ය.

පැහැරගැනීම සම්බන්ධයෙන් ‌පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් සතුව තිබූ පොලිස් නිලඇදුම් කොටස්, වායු රයිෆලයක්, වෙඩිබෙහෙත්, කඩුවක් හා මන්නා පිහියක් සොයාගෙන ඇත.

සැකකරුවන්  කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට පැය 48ක රැදවුම් නියෝග ලබා ප්‍රශ්න කෙරෙමින් පවතී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්