නවතම පුවත්

‘දෞපදී’ ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එරටට නව ජනාධිපතිවරියක් පත්වී තිබෙනවා. මෙවර එහි විශේෂත්වය වන්නේ කාන්තාවක් ඉන්දීය රජයේ මුල් පුටුවට පත්වී තිබීමයි.

ඒ අනුව ඉකුත් 18 වනදා පැවැති ඉන්දීය ජනාධිපතිවරණයෙන් ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ 15 වන ජනාධිපතිවරයා ලෙස පත්ව තිබෙනවා. කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර එම අවස්ථාව හිමිවුණේ 2007 වසරේදී ඉන්දියාවේ ජනාධිපතිධූරයට පත් ප්‍රතීභා පටිල්ටයි.

ද්‍රෞපදි මුර්මු ජනාධිපතිධූරයට පත්වීමේ තවත් එක් විශේෂත්වයක් වන්නේ ඇය ඉන්දීය ගෝත්‍රික ජන කොට්ඨාශයේ නියෝජනයක් වීමයි. ඒ අනුව ඉන්දියාවේ ජනාධිපතිධූරයට පත් පළමු ගෝත්‍රික කාන්තාව ලෙස ද ද්‍රෞපදි මුර්මු ඉතිහාසයට එක් වනවා.

ද්‍රෞපදි මුර්මු ඉන්දීය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයෙන්. ඒ අනුව ඇයට අග්‍රාමාත්‍යවරයාගේ සහය ද හිමිවූ අතර ද්‍රෞපදි මුර්මු ඉන්දීය ජනාධිපති ධූරයට සුදුසු බවට අග්‍රාමාත්‍ය මෝදි කිහිප අවස්ථාවකදිම ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ පාර්ලිමේන්තු සභිකයින් මෙන්ම ව්‍යවස්ථාදායක සභාවල සාමාජිකයින්ගේ ද සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 65 ක ප්‍රතිශතයක් ද්‍රෞපදි මුර්මුට හිමිව තිබෙනවා.

ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යෂ්වන්ත් සිංහා හට හිමිව ඇත්තේ සියයට 35 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ඒ අනුව ලබන 25 වනදා ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇති. ඒ, එරට වත්මන් ජනාධිපති රාම්නාද්ප කෝවින්ද්ගේ නිල කාලය ලබන 24 වනදායින් අවසන්වීමෙන් අනතුරුවයි.
ඉන්දියාවේ රාජ්‍ය නායකත්වය ජනාධිපතිවරයාට හිමිවුවත් විධායක බලතල ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි