නවතම පුවත්

නයිට් ක්ලබ් එකේදී චණ්ඩි පාට් දමා අත්අඩංගුවට ගත් හිටපු ඇමති පුතාට වෙච්ච දේ

අසංක

අසංක

යහපාලන ආණ්ඩුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙකුගේ පුතා ඇතුළු සිව් දෙනෙක් ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහුගේ බිරිඳට අඩන්තේට්ටම් කිරීමක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය අද අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 10 ක මුදලක් ව්‍යාපාරිකයාට ගෙවා සිද්ධිය සමථයකට පත් කර ගෙන තිබේ.

මහරගම පොලිසියේ තොරතුරු අනාවරණය කරන්නේ හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් බොමින් විනෝද වෙමින් සිට ඇත.

එම හෝටලයේ සිටි ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ බිරිඳ බව කියන තරුණියකට උසුළු විසුළු කරමින් ඇයට ‘නටන්න එන්නැයි’ බල කර ඇත.

ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන ඔවුන් ඇය බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ කර ඇති අතර එම ව්‍යාපාරිකයා එය වැලැක්වීම හේතුවෙන් එම තරුණියටත් ව්‍යාපාරිකයාටත් සැකකරුවන් විසින් පහරදීමක් සිදු කොට තිබේ.

අනතුරුව එම ව්‍යාපාරිකයා, බිරිඳ බව කියන එම තරුණිය ද සමග පිට වීමට උත්සාහ කරන අවස්ථාවේදී එම ස්ථානයට ද සැකකරුවන් පැමිණ මෝටර් රථයට ද පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී ඇත.

පසුව ව්‍යාපාරිකයා සහ එම කාන්තාව රැගෙන ගමන් කරමින් සිටියදී මහරගම පොලීසිය ආසන්නයේ දී සැකකරුවන් ඩිෆෙන්ඩර් රථයකින් පසු හඹා පැමිණ එම ස්ථානයේදී ව්‍යාපාරිකයා සමඟ යළි කලහයක් පටන් ගෙන තිබේ.

ඒ අද අළුයම් අලුයම් කාලයේදීය.

එම ස්ථානයේ පිහිටි මහරගම පොලීසියේ ගේට්ටුව අසල සිටි නිලධාරීන් පැමිණ මෙය සමථයකට පත් කිරීමට යාමේදී “මෙතන ඇමති පුත්තු ඉන්නවා උඹලා දඟලන්න එපා” යැයි පවසමින් පොලිස් නිලධාරීන්ට සැකකරුවන් තර්ජනය කර තිබේ.

කෙසේ හෝ වේවා මෙම අවස්ථාවේදී වෙනත් ස්ථානයක රාජකාරියේ යෙදී සිටි මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා, මෙම සිද්ධියේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත.

ඒ අනුව හිටපු ඇමති පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථානාධිපතිවරයා පැමිණ එම සිද්ධිය දෙපාර්ශ්වයෙන් පිළිබඳ විමසීමේදී එම ස්ථානයට වහාම හිටපු අමාත්‍යවරයාද අළුයම් කාලයේ පැමිණ තිබේ.

හිටපු ඇමතිවරයා මෙම සිද්ධිය ‘ගොඩින් බේරගමු’ යැයි පැවසීම නිසා ව්‍යාපාරිකයා පවසා ඇත්තේ පහරදීම නිසා තම රුපියල් ලක්ෂ පහළොවක් වටිනා ඔරලෝසුව බිඳීගොස් ඇති බවත් බිඳී ගිය ඔරලෝසුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් පමණක් ගෙවන ලෙසයි.

තමාට මුදල් අවශ්‍යතාවක් නොමැති වුවත් මෙවැනි සිද්ධීන් යළි නොවීමට හිටපු ඇමති පුත්‍රයාට පාඩමක් ලෙස මෙම මුදල ඉල්ලා සිටින බවත් ව්‍යාපාරිකයා එහිදී පවසා ඇත.

එම මුදල ලොකු මුදලක් බැවින් දීමට නොහැකි බව හිටපු අමාත්‍යවරයා පැවසීමෙන් පසු ව්‍යාපාරිකයා පවසා ඇත්තේ සිද්ධියේ සෑම දර්ශන පටයක් ම තමන් සතුව පවතින බැවින් අද දහවල් කාලයේ මාධ්‍ය හමුවක් පවත්වා මේ සියල්ල මාධ්‍ය වෙත හෙළි කරන බවත්ය.

බියට පත්වූ හිටපු අමාත්‍යවරයා වහාම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ දහයක 10 ක මුදලක් බිඳී ගිය ව්‍යාපාරිකයාගේ ඔරලෝසු වෙනුවෙන් ලබාදීමට එකඟ වී තිබේ.

පොලිසියේ දී ම ඒ මුදල ගෙවා දැමීමෙන් පසු දෙපාර්ශවය සිද්ධිය සමථයකට පත් කර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්