නවතම පුවත්

නව අගමැති රනිල්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එම පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි .

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර හෙට (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්