නවතම පුවත්

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී (18) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් දස දෙනකු පමණ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති බවටද වාර්තාවේ .

ඉතිරි සියලු දෙනා තරුණ මන්ත්‍රීවරුන් වන අතර ,අමාත්‍ය මණ්ඩලයේ දැනට සිටින මහාචාර්ය ජී එල් පීරිස් ,දිනේෂ් ගුණවර්ධන, අලි සබ්‍ර් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්තුරුන්ට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ,ඩග්ලස් දේවානන්ද,දිලුම් අමුණුගම ඇතුළු හිටපු ඇමතිවරුන් කිහිපදෙනකුට කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය .
මේ අතර කාංචන විජේසේකර ,රොෂාන් රණසිංහ,ඩී වී චානක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත් ,ජානක වක්කුඹුර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් පිරිසකට ද කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ,හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවක්ම තමන්ට අමාත්‍යධූර අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට පෙරේදා (16)රාත්‍රියේ දැනුම් දී ඇති බවද පැවසේ.
ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග , එස් එම් චන්ද්‍රසේන,ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් ගණනාවක් අමාත්‍යධූරය අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ,ඩලස් අලහප්පෙරුම , රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් අද (17) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුර බාර නොගන්නා බවය .

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු කැබිනට් මණ්ඩලයට පත් වීමත් සමඟ ඇතිවන පුරප්පාඩු සඳහා මහාචාර්ය චරිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩිලාන් පෙරේරා,එස් ඒ ඩී ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනකුටද රාජ්‍ය අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි