නවතම පුවත්

නව කොරෝනා වයිරසය රසායනාගාරයකදී මිනිසා විසින් නිපදවන ලද වෛරසයක්ද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආචාර්්‍ය රොෂාන් ලියනගේ

ඔන්න ගෙදර හිරවෙලා ඉන්න අතෙර් හැමෝටම කියවන්න කියල දන්න සිංහලෙනුයි විද්‍යවෙනුයි ලිව්වා. සමහර අයගේ ඉල්ලීමක් තිබ්බ මම මොනවද කරන්නේ කියලත් මගේ සටහන්වල සදහන් කරන්න කියල. ඉතින් ඒකයි මමගැන පහත සදහන් වෙන්නෙ.

(මෙම සටහන නේචර් සගරාවේ පහත සදහන් ලිපිය ඇසුරින් පෙළගැස්වුයේ ඇමරිකා එකසත් ජනපදයේ එන්නත් නිපදවීමේ හා ප්‍රතිශක්ති චිකිත්සාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය රොෂාන් ලියනගේ විසිනි)

The proximal origin of SARS-CoV-2, Kristian G. Andersen, Andrew Rambaut, W. Ian Lipkin, Edward C. Holmes, and Robert F. Garry, Nature Medicine (2020) (Published: 17 March 2020)

චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි නව කොරෝනා වයිරස් රෝගය (COVID-19) පිළිබඳ වාර්තාවූ පළමු දිනයේ සිට, SARS-CoV-2 (HCoV-19 ලෙසද හැඳින්වේ) රෝග කාරක වෛරසයේ ආරම්භය පිළිබඳව සැලකිය යුතු සාකච්ඡාවක් පැවතුනි. SARS-CoV-2 ආසාදන දැන් පුලුල්ව පැතිර ඇති අතර 2020 මාර්තු 18 වන විට රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක රෝගීන් 218,000 කට වඩා වාර්තා වී ඇති අතර මරණ 8,800 කට වඩා වාර්තා වී තිබේ.

SARS-CoV-2 යනු මිනිසුන්ට ආසාදනය වන හත්වන කොරෝනා වයිරසයයි. SARS-CoV, MERS-CoV සහ SARS-CoV-2 දරුණු රෝග ඇති කළ හැකි අතර HKU1, NL63, OC43 සහ 229E මෘදු රෝග ලක්ෂණ සමඟ සම්බන්ධ වේ. ජානමය දත්ත සංසන්දනාත්මක විශ්ලේෂණයෙන් SARS-CoV-2 හි මූලාරම්භය ගැන නිගමණය කළ හැකි දේ මෙම විමසා බැලීමේදී සමාලෝචනය කර ඇත.

මෙහි SARS-CoV-2 ජීනෝමයේ කැපී පෙනෙන ලක්ෂණ පිළිබඳ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරන අතර ඒවා පැන නැගිය හැකි අවස්ථා සාකච්ඡා කර ඇත. මෙම විශ්ලේෂණයන් පැහැදිලිවම පෙන්නුම් කරනුයේ SARS-CoV-2 වයිරසය යනු රසායනාගාරයකදී මිනිසා විසින් නිපදවන ලද වෛරසයක් නොවන බවයි.

පහත රුපයේ දැක්වෙන ජාන හා ඇමයිනෝ අම්ල අනුපිලිවෙලයන් අනුව SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන වල ස්පර්ශක ඇමයිනෝ අම්ල වල විකෘති පෙන්වාදයි. SARS-CoV-2 (ඉහළ රතු තීරුව) හි ස්පයික් ප්‍රෝටීන් වඩාත් සමීපව සම්බන්ධිත SARS-CoV වැනි කිරීටක වෛරස් හා SARS-CoV වලට එරෙහිව පෙළ ගැසී ඇත.



ACE2 ප්‍රතිග්‍රාහකයට සම්බන්ධ වන ස්පයික් ප්‍රෝටීන වල ප්‍රධාන ඇමයිනෝ අම්ල SARS-CoV-2 සහ SARS-CoV ඇතුළු ආශ්‍රිත වෛරස් වල නිල් පැහැති කොටු වලින් සලකුණු කර ඇත (a). රූපයේ b කොටස මගින් භාෂ්මික ඇමයිනෝ අම්ල බහුල චේදනකලාපය සහ ඔක්සිජන්-සම්බන්ධිත ග්ල්යිකෑන් ව්‍යුහයන්වල පැවැත්ම පෙන්වයි. භාෂ්මික ඇමයිනෝ අම්ල බහුල චේදන කලාපය සහ යාබදව පුරෝකථනය කරන ලද ඔක්සිජන්-සම්බන්ධිත ග්ල්යිකෑන් ව්‍යුහයන් සහිත ඇමයිනෝ අම්ල තුන SARS-CoV-2 ට ආවේණික වන අතර මීට පෙර B බීටාකෝරෝනා වයිරස පරම්පරාවේ දක්නට නොලැබුණි.

ස්පයික් ප්‍රෝටීන වල ප්‍රතිග්‍රාහක බද්දවන පෙදෙස (receptor binding domain-RBD) යනු කොරොන වයිරස් ජීනෝමයෙහි වඩාත්ම විචල්‍ය කොටසයි. ACE2 ප්‍රතිග්‍රාහක සමඟ සම්බන්ධවිම සහ SARS-CoV වැනි වෛරස්වල ධාරක පරාසය තීරණය කිරීම සඳහා RBD ඇමයිනෝ අම්ල හයක් ඉතා වැදගත් බව පෙන්වා දී ඇත.

මෙම ඇමයිනෝ අම්ල හයෙන් පහක්ම SARS-CoV-2 සහ SARS-CoV අතර වෙනස් වේ (රූපය a කොටස ). ව්‍යුහාත්මක අධ්‍යයන සහ ජෛව රසායනික අත්හදා බැලීම් මත පදනම්ව, SARS-CoV-2හි ප්‍රතිග්‍රාහක බද්දවන පෙදෙස (RBD) ඇති බව පෙනේ, එය මිනිසුන්, ෆෙරෙට්, බළලුන් සහ ඉහළ ප්‍රතිග්‍රාහක සමජාතීයතාවයෙන් යුත් අනෙකුත් විශේෂයන්ගෙන් ACE2 සමඟ ඉහළ සම්බන්ධතාවයක් ඇති කරයි.

මේ අනුව, SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන මානව ACE2 සමඟ සම්බන්ධ කිරීම බොහෝ දුරට ඉඩ ඇත්තේ මානව හෝ මානව වැනි ACE2 මත ස්වාභාවික වරණයක ප්‍රතිපලයක් ලෙසය. SARS-CoV-2 අරමුණු සහගත ලෙස මිනිසා විසින් නිපදවූවක් නොවන බවට මෙය ප්‍රබල සාක්ෂියකි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි