නවතම පුවත්

නළු වෙසින් එන දේශපාන නරුමයා ද දේශපාලන වෙසින් එන “නළුවාද” හදුනා ගනිමු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලාංකීය දේශපාලනය තුල තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමය. මක් නිසාද යත් ඉතිහාසයේ පටන් ඡන්දදායකයා සිය ඡන්දය යහපතක් අපේක්ෂාවෙන් භාවිත කළද  කන්දක් විළීලා මී පැටියෙකු වැදුවා සේ සැමදා සිය දුප්පත් අහිංසක ඡන්දයෙන් වැදූ ප්‍රතිථලයෙන් නම් කිසිදා ඡන්ද දායකයාට සිදු වූ යහපතක් සිදු නොවූ බැවිනි. මෙම තත්වය මහත් ඵල වන්නේ රටේ පාර්ලිමේන්තු ඡන්දයක් පැවතීමෙන් පසුවය. තමන්ට රිසි අපේක්ෂකයා ඉදිරියේ කතිරය ලකුණු කළද සැමදා දියවන්නාවේ මැතිසබයට රිංගා ගත්තේ උන්ට ඕනෑ එකාය.

පොදුවේ ගත් කල ඕනෑම පාර්ලිමේන්තු ඡන්දයකදීම ඡන්දදායකයා ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදා වෙන් කළ හැකිය. ඒ අතරින් තමන් ලාංකීය සිවිල් වැසියෙකු බවට පත්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් නිරායාසයෙන් තමන්ට හිමි ඡන්දයේ භාරදූරත්වය කිසිත් නොවටහා ගත් පාවෙමින් ඡන්දපොලට ගොස් හිස බිත්තියක වැදී තුන් කූරියා ගැසූවකු මෙන් සිය කතිරය ලකුණු කරන්නන් වාලේ ලකුණු කරන්නන් මෙහිදී ගුරු කොට තැකිය යුතුය. මක් නිසාද යත් ඔවුනගේ හය හතර නොමේරූ ඡන්දයේ මහිමයෙන් මැති සබයට කැදවා එන දෙලොවටම යහපතන් නොමැති අපෙක්ෂකයින් හේතුවෙනි. ඒ අතරින් සෙලෝලයිට පටයේ පමණක් රගදෙන කාඩ්බෝඩ් වීරයන් හා වීරවරියන් අති විශේෂ වේ.

ජනප්‍රිය වූ පමණින් රංගන ශිල්පීන් මැති සබයේ සිටිය යුතුද. එය අතිශය කාලීන මාතෘකාවකි. මැති සබය යනු වියතුන්ට, බුද්ධිමතුනට හා ව්‍යාපාරිකයින්ට පමණක් සීමා වූ අවකාශයක් නොවේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුල නියෝජනය විය යුත්තේ හුදු දේශපාලන පක්ෂයේ කත් අදින්නාට වඩා ජනතා නියෝජිතයාය.  ජනතාව නියෝජනය වීමට නම් එකී අපේක්ෂකයා එකී ජන කොටස තුල විශේෂ පුදගලයෙකු විය යුතුය. නායකත්වය, කාර්යක්ෂමතාව, අවංකභාවය මෙන්ම පැසුනු බව එකී නියොජිතයන්ගෙන් අපේක්ෂිත නිර්නායකයන්ය. එසේ වූ කල වත්මන් ලාංකීය රංගධරයා අයත් වන්නේ ඉහත කී කුමන කාණ්ඩයටද යන්න ගටලුවකි.

කොටින්ම ඔවුන් එළබෙන මහ මැතිවරණයට පිවිසෙන්නේ නම් ඒ සදහා ඔවුන්ගේ මූලික සුදුසුකම වන්නේ කුදු රංගනයේ යෙදීම පමණක්ද. එමෙන්ම මෙහිදී පෙරළා ඡන්දදායකායාගෙන් ප්‍රශන කළ යුත්තේ චිත්‍රපටයක දෙකක තුනක රංගනයෙන් දායකත්වය දුන් මෙවන් රංගන ශිල්පීන් මැති සබයට යැවීමට ඔබ දැනටමත් අපේක්ෂාවෙන් පසුවන්නේ නම් ඔබ ඔවුන් මැති සබයට යවා අපේක්ෂා කරන්නේ කුමක්ද යන්නය. මෙය ඉතාමත් කණගාටුදායක තත්වයකි. මැති සබයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටි විජය හා මැතිසබය නියෝජනය කළ ගාමිණී හැරුනු කොට එදා මෙදා තුර සිනමාවේ සිට මැතිසබයට පැනගත් රංගධරයින් සියල්ලක්ම පාහේ ජනතා අපෙක්ෂා භංගත්වයට පත් කිරීම කැපී පෙණුනි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග කිරීමට සිනමාවෙන් හා කලාවෙන් චරිත කිහිපයක් නිළ නොවන අයුරින් නම් කර තිබුණි. ඔවුන්ගෙන් අප ඇසිය යුතු ප්‍රශ්න දෙකකි. එනම් ඔබ ජනතාවට මෙතෙක් සිදු කළ සේවය හා දේශපාලනයට පිවිසීමෙන් සිදු කරන්නට අපේක්ෂිත සේවය කුමක්ද යන්නය.

මෙවර ඡන්දය අතිශය තීරණාත්මකය. කොටින්ම මෙවර ඡන්දදායකයාගේ අන්තයෙන් හුදෙක්ම පරික්ෂාවට ලක්වන්නේ ඔවුන්ගේ කොන්ද මිස අන් කවරක්වත් නොවේ. ජනතා නියෝජිත වෙසින් සිටින සොරුන් හා පිසාචන්යන් මෙවර මැතිසබයට නොයවන්නට ජනතාව තීරණය කර තිබෙන පසුබිමක මෙවන් නොමේරූ නළු නිළි කැළක් මැති සබයට නොයැවීමට ඔවුන් වග බලාගත යුතුය. එසේ නොවන කල හොරු අල්ලන්නට ගොස් පස්ස බිම ඇණගත් දේශපාලන විහිළු සපයන්නන් මෙන්ම අතිශය අදේශපාලනික නිළියන් ප්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියේ අදබාලයින් මෙන් හැසිරෙන කල ඔබගේ වටනා ඡන්දය අසරණ ලෙස උන් ඉදිරියේ බාල්දු වී යනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී