නවතම පුවත්

නාවික හමුදා විසින් ගොඩගත් විශාලතම අවරපෙත්ත ප්‍රදර්ශනයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුහුදු බත්ව තිබි ගොඩගෙන නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කරන ලද පෞරාණික අවරපෙත්ත (propeller) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2019 සැප්තැම්බර් 10 වන දින නිරාවරණය කරන ලදී.

1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට අයත් යැයි සැලකෙන සුන්බුන් අතර තිබූ මෙම අවරපෙත්ත ගොඩ ගෙන අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අසල ස්ථාපිත කෙරුණි.

වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ තිබු නෞකා සුන්බුන් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නෞකාවෙන් වෙන්ව තිබූ මෙම අවරපෙත්ත නිරික්‍ෂණය කර එහි පෞරාණික වටිනාකම හඳුනාගත් නාවික හමුදාධිපතිතුමා විසින් මෙම අවරපෙත්ත පුරාවස්තු කොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂාකර ගැනීමේ අදහසින් එය ගොඩ ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ඒ 521’ යාත්‍රාව වෙත මෙම කිමිදුම් මෙහෙයුම සඳහා අනුයුක්ත කළ අතර, ඔවුන් විසින් ආරක්‍ෂිතව මෙම අවරපෙත්ත ගොඩට ගැනීමට කටයුතු කරන ලදී. තවද, නාවික හමුදාවේ ගොඩගැනීම් මෙහෙයුම් සඳහා නම් කර ඇති ‘ඒ 521’ යාත්‍රාව සිදුකළ මෙම පලමු ගොඩගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදු කල අතර, වෙනත් ආයතන මගින් මිට පෙර කිහිප අවස්ථාවකදී මෙම අවරපෙත්ත ගොඩගැනීමට උත්සහ කර ඇතත් එය අසාර්ථක වි ඇත. කෙසේ නමුත් නවමු තාක්‍ෂණය සහ ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉතා අසිරු කාර්තව්‍යක් වූ ඉහත ගොඩ ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකය විසින් ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙස මෙය ඉතිහාස ගත වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි