නවතම පුවත්

නාවික හමුදා සෙබළුන් හදුනා ගැනීමේ පෙරට්ටුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

කුච්චවේලි මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිදුවීමකට අදාලව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැති නඩුවක සැකකරුවන් වු නාවික හමුදා භටයින් 12 දෙනෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් හම්ෂා මහතා නියම කලේය

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පිරිස අතර නැගෙනහිර නාවික විධානයට අනුයුක්තව සේවය කරන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් වරුන් දෙදෙනෙකු හා නාවික සෙබළුන් 10 දෙනෙකු වේ.

අගෝස්තු මස 28 වන දින කුච්චවේලි ජින්නාපුරම් ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනෙකු ධිවර කටයුතු සදහා මුහුදට ගොස් සිටියදි 29 වනදින අලුයම් කාලයේදී නාවික හමුදාව විසින් ඔවුන්ගේ ධිවර යාත්‍රාව නැවැත්වීමට කල අණක් නොතකා පලා යාමට ගත් උත්සහයේදී  මෙම වෙඩි තැබිම සිදුව ඇති බව කියැවේ නාවික හමුදාව විසින් පලා යන යාත්‍රාව ලුහුබැද ගොස් නවතා එහි සිටි ධිවරයින් සිය භාරයට ගෙන තිබේ පසුව ඔවුන් නාවික හමුදා කදවුරට ගෙන ගොස් යාත්‍රාව හා සැකකරුවන් කුච්චවේලි පොලිසියට ඉදිරිපත් කර තිබුණි 

පොලිසියට ඉදිරිපත් කල සැකකරුවෙකු සුළු තුවාල ලබා සිටි අතර ඔහුට නාවික හමුදාව විසින් ප්‍රථිකාර‍ කර ඇත. තුවාල ලත් සැකකරු පොලිසියට ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ නාවික හමුදාව කල වෙඩි තැබීමෙන් තමන්ට තුවාල සිදුවු බවත් සෙබලුන් තමන් ඇතුළු පිරිසට පහරදුන් බවයි සැකකරුවන් සිව්දෙනා තමන්ට සෙබලුන් පහරදුන් බව පැවැසීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය මුලික විමර්ශණ සිදු කිරිමෙන් පසුව වැඩිදුර විමර්ශණ සදහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාර දි තිබේ.

වරාය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට සැප්තැම්බර් හය වැනි දින කරුණු ඉදිරිපත් කිරිමෙන් පසුව ඊට අදාල නඩුව පෙරේදා (10) කැදවීමටත් එදිනට නාවික මුර යාත්‍රාවේ සිටි සියලු සෙබලුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර තිබුණි. ඒ අනුව පෙරේදා (10) පැවැති නඩු විභාගයේදී මෙම සිදුවීමට සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු නාවික හමුදා නිලධාරින් දෙදෙනා හා භටයින් 10 දෙනා ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් එදිනට යලි නඩුව විභායට ගැනීමට කටයුතු කරන ලෙසත් එහිදි නාවික සෙබලුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසටත් ‍මහේස්ත්‍රාත්වරයා පොලිසියට  නියෝග කරනු ලැබීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි