නවතම පුවත්

නිදහස් පක්‍ෂයේ අනාගතය : අපේක්‍ෂා හා අභියෝග

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිශාන්ත

(නිශාන්ත අල්විස් )

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය (02) අදට යෙදී තිබෙනවා. 1951 සැප්තැම්බර් 2 වැනිදා එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ඇරැඹි පක්ෂය සමිබන්ධයෙන් මෙි වන විට අවධානය යොමුව තිබෙන බව සඳහන් කළ යුතුයි. ලංකාව පාලනය කළ පක්ෂ අතරින් වැඩිම කාලයක් පාලනය කළ පක්ෂය ලෙසයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ

පංච මහා බලවෙිගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලික ඡන්ද පදනමයි. ( Five grate forces ) එම ඡන්ද පදනම සැලකිය යුතු මටිටමෙන් දෙදරා ගියේ චන්ද්‍රිකා ආණ්ඩුව පිහිටවු 94′ දී. ආර්ථිකයට මානුෂික මුහුණුවරක් යන්න චන්ද්‍රිකා ගේ සටන් පාඨයයි. ඉන් පසුව බලයට ආ මහින්ද ගේ සටන් පාඨය වුයේ සෞභාග්‍යමත් රටකි යන්නයි.

ඉංග්‍රීසි වෙනුවට සිංහලය රාජ්‍ය භාෂාව කළ ශ්‍රී ලංකා ආණ්ඩුවට උභතෝකෝටිකයකට මුහුණ දීමට සිදුවුයේ, වෙළඳ පොල ආර්ථිකය හැසිරවීමට බලය ලැබීමත් සමඟ. චන්ද්‍රිකා ආණ්ඩුව ජනසතුකරණයකට යා හැකි බව වම කිවිවත්, චන්ද්‍රිකා ගත් තීරණ අනුව පෙනී ගියේ ස්ථාවර දේපල පවා පෞද්ගලීකකරණය කිරීමයි. මුල්‍ය ස්ථාවරත්වය ලඟා කොට, සිවිල් යුද්ධය ජය ගැනීම ඇයගේ උපාය මාර්ගය වුණා. සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව ඇය, බටහිර ලෝකය සමඟ ආර්ථික කළමණාකරණය කිරීමට තීරණය කළා. ධනවත් හා බලවත් රාජ්‍යයන් සමඟ ⁣විදේශ ප්‍රතිපත්තිය පවත්වා ගෙන ගියේ, විදෙස් ආයෝජනයට රිසි සේ දොර හරිමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී ගිය හැටි: හොරගොල්ලේ ගැටුම් ඩාර්ලි පාරට - BBC News සිංහල

ඇයගේ පාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය මුළුමනින්ම සංශෝධනය වු යුගයක් වුණා. සාර්ව ආර්ථික ක්‍රමෝපායික උපාය මාර්ගය ඇය විදෙස් සබඳතා සමඟ බද්ධ කළා. ජාතිකවාදය වෙනුවට ගතිකත්වයෙන් යුතු සමාජයක් පිළිගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැණි කොමිප්‍රදෝරැ කුලකය වෙනුවට secular state එකක් ඇය යෝජනා කළේ , එජාප විසින් ගිනි තබන ලද ” පැකේජ” යෙන්.

ආර්ථික අසමානකම , ද්‍රරිද්‍රතාව , අධ්‍යාපනය , සෞඛ්‍ය වැනි අංශ දියුණු කිරීමට සමාජවාදී සංකල්ප ඇප්ලයි කරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ධනේශ්වරයට එකඟතාව පල කළේ 94 න් පස්සේ. මහින්ද බලයට පත්වීමත් සමඟ සමාජ මතවාදී සංදර්භය වෙනස් වුණා. ජාත්‍යන්තරයේදී සුළු ජාතික අදහස් වෙනුවෙන් පෙනී සිටින මහින්ද , බලයට ආවෙි සිංහල බෞද්ධ කැඩපතින්. එයම ඔහුගේ පරිකල්පන ආපසු හැරවීමට හේතුවක් වුණා.එනමි, ධනවාදී ආර්ථිකයට කැමැති ලිබරල් මතවාදයක් සහිත මෙරට සමාජය බොහෝ විට කළේ, ආර්ථික සුබසාධනය ඉල්ලා සිටීම යි.

මහින්ද ගේ වෙළඳ පොල ආර්ථික සංකල්ප ද්විඝටිටනය වුයේ මෙි නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැණි ආස්ථානයයට යාමට මහින්ද ගේ ආණ්ඩුව කැමැත්තක් දැක්වුවා. ඒනයින්, ජනප්‍රියවාදී සටන් පාඨ යථාර්ථයක් ලෙස ජනතාවට පෙනෙන්නට පටන් ගත්තා. ආර්ථික සමෘද්ධිය යනු වෙළදාම යන ලඝු තැනකට ආවා. මතවාදී වෙළෙන්දෙක් නොවී භාණ්ඩයකට මිලක් නියම කීරීම ඔස්සේ , මුදල් සංසරණය වීම යහපත්ය යන්න සමිබන්ධයෙන් අවධානය යොමු කෙරැණා.  Mahinda Rajapaksa (@PresRajapaksa) | Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ආස්ථානය වෙනස් වන්නේ, මෛත්‍රීපාල බලයට ආ විටයි. ඒ, නව ආර්ථික සංකල්ප සමිබන්ධයෙන් හා නව ශාස්ත්‍රීය මුල්‍යකරණයේදී ඔහු දැක්වු අපරණිත භාවයයි. ලිබරල්කරණය ඔහුගේ ආර්ථික සැලසුම් වලට ඇතුලත් වුණේ නැහැ. ඔහු ද බර තැබුවේ දේශමාමක ආර්ථික කලමණාකරණයටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙි වනවිට බරපතල දේ්ශපාලන අර්බුදයකට මුහුණ දී සිටින්නේ, අලුත් සැලැස්මක් නොතිබීම හේතුවෙන්.

කොරෝනා වසංග හේතුවෙන් ලොව සෑම රටක්ම ආර්ථික පීඩනයට හසුවෙලා.වැඩිම කාලයක් පාලන බලය හෙබවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තමන්ට ආවෙිනික මුල්‍යකරණයක් සොයා ගත යුතුයි. බටහිරට නැඹුරු ලෝක බැංකුව, අන්තර් ජාතික අරමුදල වැනි සංවිධාන සමඟ මෙන්ම , ජයිකා , එක්සීමි වැනි බැංකු හා ආයතන සමඟ ගණුදෙනු කළ හැකි ආකාරයද විමසා බැලිය යුතුයි.

: ජාත්‍යන්තරකරණයේදී ගැටුමි කළමණාකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමුඛ වාසියක්. වත්මන් ඇෆ්ගන් අර්බුදයේදී පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඔවුන් ගේ පැරැණි ආස්ථානයට ලඟා ⁣විය හැකියි. විදේශ ප්‍රතිපත්තිය දේශීය ආර්ථිකයේ මුල බීජයයි. විදෙස් සබඳතා ඉදිරි ආයෝජනයට සෘජුව බලපායි. නිර්⁣ප්‍රභු දේශපාලන සංදර්භයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදී මැදිහත් වීම අද වඩාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. එනමි,බටහිර ආධිපත්‍යය හා චීන ආර්ථික බලපෑම හොඳින් කළමණාකාරණය කර ගැනීමෙි දශක ගණනාවක අත්දැකීමි ඔවුන් සතු වන බැවින්.

ඉන්දිරා – සිරිමා, චන්ද්‍රිකා – සෝනියා දකුණු ආසියානුවන්ගේ යුගල දේශපාලන අවකාශය අද වියපත් වී ගොසින්. නව ආණ්ඩුකරණය සඳහා ඉන්දියාව මෙන්ම චීනය ද ප්‍රවෙිශ වී සිටිනවා. අමරිකාව ප්‍රමුඛ නේටෝව තම කලාපීය ස්ථාවරත්වයට වැඩි ස්ථානයක් ලබා දී තියෙනවා. ඇෆ්ගනිස්තානයෙන් හමුදාමය වශයෙන් ඉවත් වන ඔවුන් ආසියාවෙි නව සේද මාවත ව්‍යාපෘතියට එරෙහිව ආසියානු භු දේශපාලන සංදර්භයක් යෝජනා කර තිබෙනවා. ඊට මුහුණුදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපාය මාර්ගික සැලසුම කුමක් විය හැකිද?

එවැනි භු⁣ දේශපාලන ව්‍යාපෘතියක් ” සමබර ” කරගැනීමට වත්මන් නායකත්වය සමත් වෙිවිද? දෘෂ්ටිමය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවට එවැනි බුද්ධිමය බරක් තිබෙිද ?

ජනපති මෛත්‍රීපාල සිරිසේන ලෝක නායකයින් හා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව හමුවට සියල්ල සූදානම් - Sri Lanka News
එවැනි මතවාදී ප්‍රවෙිශයකින් දකුණු ආසියානු භු දේශපාලනය , යහපත් හා කලාපීය ස්ථාවරත්වය තහවුරු කෙරෙන ව්‍යාපෘතියක් පිළිබඳව ඔවුන්ට ඇති හැකියාව කුමක්ද ? විදෙස් ප්‍රතිපත්තියේදී කීර්තිමත් ප්‍රවෙිශයක් ඉසිලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ මත අන්තර් ජාතික මිතුරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි පාලන බලය ලඟා කර දීමට උදවි කරනු නිසැකයි.
එසේ නැතිව දේශීය සමාජ ව්‍යාපාරයක් මත පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පෙරමුණක් ලෙස හෝ ආණ්ඩු බලයට ප්‍රවෙිශ වීම සිහිනයක් වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර යාන්ත්‍රණය ශක්තිමත් තලයක මෙි වන විට පවතින්නේ නැහැ . Grassroot political system එකකට යළි යාමට නමි නමි සමාජ – ආර්ථික ප්‍රවෙිශයක් ඔවුන් හඳුනා ගත යුතුයි. කොළඹ කේන්ද්‍රීය මතවාදී දේශපාලනය වෙනුවට ගම සහ අර්ධ නාගරික කොටස් ආකර්ෂණය අනිවාර්යය විය යුතුයි . නාගරික තරැණ කැළ , සමාජ ජාලා ඇසුරෙහි ගොඩනංවන වසන්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ආකර්ෂණයක් ලබා ගැනීමට නමි, නව ප්‍රවෙිශයක් හඳුන්වා දිය යුතුමයි .

: බණ්ඩාරනායක ප්‍රතිපත්තිය දැන් යල් පැන ගොස් ඇති අතර නව ආණ්ඩුකරණයේදී වඩා වැදගත් වන්නේ “සමාජ හිඩැස අරැත් ගැන්වීම ” යි. එය දේශපාලන සටන් පාඨ වලින් පමණක් සිදු කළ නොහැකියි. නව තරැණ කැල , “ස්ටීරියෝ ටයිප්”  ඡන්දදායකයන් නොවන බැවින් ඔවුන් ගේ කැමැත්ත විචල්‍ය  වෙනවා. එහි වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිතන්නේ නමි, ඔවුන් ගේ දේශපාලන අභිලාෂයන්ට සෘජු ආමන්ත්‍රණයක් අත්‍යාවශ්‍යයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්