නවතම පුවත්

නිමල් සිරිපාල අල්ලස් චෝදනාවලින් නිදහස් – ඇමතිධූරයේ අද යලි දිවුරුම් දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (2) උදේ පැමිණෙන ලෙස ඊයේ (1) දැනුම්දීමක් ද කර තිබිණි.

අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.

එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල මහතා ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ඔහුට අමාත්‍ය ධුරය නැවත පිරිනැමෙන්නේ ඒ අනුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළ නමුත් තනතුරෙන් ඉවත්වීම නිසා එම කටයුත්ත සිදු නොවීය.

පසුව නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන මහත්වරු කටයුතු කළහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්