නවතම පුවත්

නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක් උතුරු නාවික විධානයේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානය 2019 සැප්තැම්බර් 28 වන දින කඩොලාන පැල සිටුවිම සහ වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් පවත්වන ලදි.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සුරක්‍ෂිත කර ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව උතුරු නාවික විධානයට අයත් සම්බිලිතුරෛ හා සිල්ලාලෙයි වෙරළ තීරය, කන්කසන්තුරය වරායේ සිට තල්සෙවන දක්වා වූ වෙරළ තීරය, ඩෙල්ෆ් වෙරළ තීරය, වෙත්තලකර්නී වෙරළ තීරය මෙලෙස පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි විය. මිට සමගාමිව මණ්ඩතිව් දූපතේ කඩොලාන පරිසර සංවේදී කලාපයේ ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීම සහ නව කඩොලාන පැල සිටුවිම ද එහිදී සිදු කෙරුණු අතර, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් මෙන්ම ප්‍රදේශයේ පාසල් ලමුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

තවද, සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි