නවතම පුවත්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත පාරිසරික සහ ජනතා ගැටලු ජනපති අවධානයට (ඡායාරූප සහිතයි)

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමා සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති කාර්යාලයේ  පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ව්‍යාපෘතිය ඇරඹිමේ දී එකග වු පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරින් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගා වොට් 900ක විදුලියක් ජනනය කෙරේ. එහි සිව්වන අදියර පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයකි. එබැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය. විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතුය. ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතුය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශණයට විදුලිබල අමාත්‍යවරයා, අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බව  ජනාධිපතිතුමා පැවසීය.

තමා ද  බලාගාරය නිරික්ෂණයට පැමිණෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.  ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

වසර 2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. පසුවිපරම අධ්‍යයන අඛණ්ඩව කරන ලෙස උපදෙස් දී ඇත.

සංවර්ධන ක්‍රියාදාමයේ දි දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිතුමාට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් පෙන්වා දුන්හ. විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී  පසුගිය සමයේ  සිදුවු අක්‍රමිකතා පිළිබඳව  උන්වහන්සේ කණගාටුව පළ කළහ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි