නවතම පුවත්

පරිඝනක අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට ලබා දිය යුතුයි නැතිනම් ලෝකය සමග වේගවත් ගමනක් යන්න බෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

  • මැති ඇමැති රුව සහ පණිවිඩ පාසල් පෙළපොතෙන් ඉවතට
  • පරිගණක අධ්‍යාපනය 05 ශ්‍රේණියෙන් ඉහළට
  • පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා විභාග මූලික අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්
  • සිසුන් අඩු පාසල් එක් කිරීමට අවධානය
  • විද්‍යාපීඨ 19ක් විශ්ව විද්‍යාල පීඨ බවට කිරිම 

කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය හෝ මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් විය යුතු බව ද එතුමා කියා සිටී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව ඊයේ (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා  මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිපත්තියක්” සැකසීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතුය. අධ්‍යාපනඥයින්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් සහ අන්තර්ජාතික ක්‍රම සැලකිල්ලට ගෙන එය සකස් විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය. දේශපාලන වෙනස්වීම් සමග මේ ඡායාරුප සහ පණිවිඩ වෙනස් කොට පෙළ පොත් අලුතින් මුද්‍රණය කිරීමට අමාත්‍යාංශය විශාල පිරිවැයක් දරා ඇත. දැන් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට  හැකි වෙයි.

“නැණස” පරිගණක තාක්ෂණ වැඩසටහන පසුගිය කාලසීමාවේදී යම් ප්‍රමාණයකට පහතට ඇද වැටී තිබේ. එය යාවත්කාලීන කර ප්‍රතිඵලදායී ලෙස ඉදිරියට ගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දහවැනි සහ එකොළොස්වැනි ශ්‍රේණි සඳහා පරිගණක තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇතැම් විෂයයන් උගන්වනු ලැබේ.  ඉන් නිසි ඵල ලබා ගැනීමටනම් අඩුම වශයෙන් 06 ශ්‍රේණියේ සිට ඉහළට පරිගණක තාක්ෂණ දැනුම දිය යුතුය. එසේ නොකළහොත් අප රටට ලෝකයේ වේගවත් ගමන සමග ඉදිරියට හා නොහැකි යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ග්‍රාමීය ප්‍රදේශවල  පවතින ඉංග්‍රීසි ගණිත සහ විද්‍යා ගුරු හිඟයට පිළියමක් ලෙස පරිගණක තාක්ෂණය උපයෝගී කර ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විධිමත් සැලසුමක් මගින් නාගරික දරුවන්ට ලැබෙන දැනුම ගමේ දරුවාට ද ඉන් ලබාදිය හැකිය. ග්‍රාමිය පාසල්වලට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් රාජ්‍ය සහ පෞද්ගලික දුරකථන ආයතන සමඟ එක්ව සැපයීම කෙරෙහි ද  ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා වූ විභාග මූලික අධ්‍යාපන රටාව වෙනස් කර ලොව ජයගත හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු  බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

මෙවර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී එකම ශිෂ්‍යයෙකු හෝ ඉල්ලුම් නොකළ පාසල් සියයක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. තම පළාතේ 200ට අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පාසල් 05ක් 06ක් ඇතැම් ප්‍ර දේශවල කිලෝ මීටරයක පමණ  දුරින් ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සඳහන් කළාය. ඊට අවධානය යොමු කළ ජනාධිපතිවරයා එවැනි පාසල් එකට එකතු කිරීමේ හැකියාව සොයා බලන ලෙස  උපදෙස් දුන්නේය.  එමඟින් ගුරු හිඟය ද පිටු දැක පාසල්වල ගුණාත්මකභාවය නැංවිය හැකි බව  ජනාධිපතිවරයා පැවසීය.

දැනට තිබෙන ගුරු විද්‍යා පීඨ 19 විශ්ව විද්‍යාල උපාධියක් සහිත ගුරු පිරිසක් බිහිවන අන්දමින් විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමට කඩිනම් පියවර ගන්නැයි  ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අධ්‍යපන අමාත්‍යංශය පරිගණක තාක්ෂණය ඇතුළු සියලු ක්ෂේත්‍ර වල කරනු ලබන වෙනස්කම්වල ප්‍රතිඵල වසර තුන හතරකින් පැහැදිළිව දැක ගත හැකි විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී