නවතම පුවත්

පරිසරයත් සුරකිමින් වාසි ගොඩක් දෙන ග‍්‍රීන් ක්‍රෙඩිට් කාඩ්

අසංක

අසංක

කොරියානු රජය විසින් එරට ජනතාවට ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පතක් හදුන්වාදී තිබේ. මෙම කාඩ්පත දැනට කොරියාවේ මිලියන 15ක් පමණ නිකුත් කර ඇත. කාබන් විමෝචනය අවම ජීවන රටාවකට ජනතාව හුරුකරවීම උදෙසා පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති මෙම කාඩ්පත කොරියාවේ පරිසර අමාත්‍යාංශය හා කොරියා පාරිසරික වෙළෙද හා තාක්ෂණික ආයතනය විසිනි. මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත සදහා ලැබෙන ලකුණු මුදල්වලට පරිවර්තනය කොට ලබාගැනීමට හෝ පරිසර අරමුදල්වලට බැර කිරීමේ හැකියාව පවතී.

පරිසර හිතකාමී භාණ්ඩ මිලදී ගැනීමේදී, පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේදී, කඩදාසි අවම හුවමාරුවකදී, විදුලිය, ජලය සහ ගෑස් භාවිතයේදී මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පතට ලකුණු ඇතුළත් වේ. විදුලි මෝටර් රථ ආරෝපණය කරන ස්ථානවලදී ඒ සදහා මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත මගින් විශාල ලෙස වටටම් ලබාගත හැකිය. එමෙන්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ලද මෝටර් රථ අමතර කොටස්, සදහා ද දැවැන්ත වට්ටම් ලබාගැනීමට මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කළ හැකිය.

කාබන් අවම විමෝචන භාණ්ඩ, පරිසර හිතකාමී නවෝත්පාදන මගින් කාබන් විමෝචන අවම ආර්ථිකයක් කරා හැකි සෑම ආකාරයකින්ම ගමන් කිරීම දකුණු කොරියාවේ රජයේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස නව ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත දැක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණ විපර්යාස වැඩසටහන පවසයි.

බහුල ලෙස භාවිත වන ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරමින් බොහෝ භාණ්ඩ හා සේවාවන් කාබන් අවම විමෝචනයක් සදහා පරිවර්තනය කිරීමට බලපෑම්සහගත ලෙස, ජාතික මට්ටමේ ඵලදෘයි සහ අතිසාර්ථක ක‍්‍රමවේදයක් අනුගමනය කරන ලොව ප‍්‍රථම රට බවට දකුණු කොරියාව පත්ව තිබේ.

2016 වසරේ දෙසැම්බරය වනවිට ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත් මිලියන 15ක් නිකුත් කෙරුණු අතර එය, කොරියානු ආර්ථිකයේ සක‍්‍රිය ජනගහනයෙන් 55%ක් පමණ නියෝජනය කරනු ලබයි.

මෙම ග‍්‍රීන් කෙඩිට් කාඩ්පතට ලකුණු ලැබෙන පරිසර හිතකාමී භාණ්ඩ වර්ග 1957ක් පමණ ඇතුළත් වේ. සංස්ථා, සමාගම්, සේවා 224ක් පමණ මෙමගින් වාසි ලබාගැනීමට හැකි ස්ථාන බවට පත්ව ඇත.

දකුණු කොරියාවේදී මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත පොදු ප‍්‍රවාහන සේවයේදී භාවිත කිරීමේ සියයට සියයක්ම පාහේ සිදුවන අතර ඒ අනුව සෙසු ක්‍රෙඩිට් කාඩ්පත් තරමටම මෙය ප‍්‍රචලිත බවට තහවුරු වී තිබේ.

දකුණු කොරියාව යනු සැපවත් ජීවන රටාවන් ඇති පාරිභෝගිකයන් බහුලව වෙසෙන රටක් වන අතර ඒ තරමටම නාස්තිය හා දූෂණය ද බහුලය.

එක් පසෙකින් මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත, භාණ්ඩ හා සේවාවල කාබන් විමෝචනය මැනීමේ නවීන තාක්ෂණික මෙවලමක් ලෙස කි‍්‍රයාකරයි. එබැවින් රටේ ආර්ථිකය මගින් කෙතරම් කාබන් විමෝචනයක් සිදුවනවාද, එහි වර්ධනය, පසුබෑම කෙලෙෂ සිදුවන්නේ ද යන වග මෙමගින් නිරන්තර අධීක්ෂණයකට ලක්කරන අතර අනතුරුව කාබන් අවම විමෝචනය සදහා තව තවත් පරිසර හිතකාමී භාණ්ඩ හා සේවා සැපයීමට රජය සක‍්‍රීයව දායකවීමක් ද සිදුවේ.

මූලාශ‍්‍ර – එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී