නවතම පුවත්

පලෙයි දොස්තරගේ හෙළිදරව්වෙන් හිටපු කොටි සිව් දෙනෙක් අල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ අත්අඩංගුවේ සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය  ශිව රූබන් විසින් හෙළිකරනු ලැබූ තොරතුරු වලට අනුව ත්‍රස්ත ක්‍රියාවකට සූදානමින් අවි ආයුධ රැස්කිරීමට ඔහුට සහය දුන් හිටපු එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයින් සිව් දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ත්‍රස්ත සැකකරුවන් අතර හමුදාවට තොරතුරු ලබාදෙන බව කියන දෙදෙනෙක්ද සිටින බව ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ  තොරතුරු අනාවරණය කලේය. වෛද්‍ය ශිව රූබන්ට යුද සමයේදී වල දැමූ අවි යැයි කියමින් පුපුරණ ද්‍රව්‍ය සහ ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවිය ලබාදී ඇත්තේ මෙම සැකකරුවන් සිව් දෙනා බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

 වෛද්‍ය ශිව රූබන් සැළසුම්කර ඇතැයි පැවසෙන්නේ කරුණා අම්මාන් සහ ඉග්ලස් දේවානන්දා යන මහත්වරු ඝාතනය කිරීමටය.  වෛද්‍ය ශිව රූබන්ට වෛද්‍යවරයෙක් ලෙස අධ්‍යාපනය ලැබීමට උදව් උපකාර කර ඇත්තේද කරුණා අම්මාන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශායේ විමර්ශන වලින් හෙළිවී ඇත.  කරුණා අම්මාන් සමග මෑතක් වන තුරුම වෛද්‍ය ශිව රූබන් සම්බන්ධකම් පවත්වා ඇතැයිද හෙළිවී තිබේ. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්