නවතම පුවත්

පවුල් ප්‍රශ්න නිසා ලංකාවේ විවාහකයන්ගේ සියදිවි නසාගැනීම් ඉහළට

අසංක

අසංක

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව තුළ සියදිවි නසාගැනීම්වලට වැඩි වශයෙන්ම පෙළඹී ඇත්තේ විවාහක පුද්ගලයන් සහ සාමාන්‍යපෙළට පෙර පාසල හැර ගිය පුද්ගලයන් බවට අනාවරණය වෙයි.

2018 වසරේ මෙරට සියදිවි නසාගැනීම් පිළිබද දත්ත සළකා බැලීමේදී මේ බව පෙනී යයි.

පොලිස් මූලස්ථානයේ එම දත්තවලට අනුව පසුගිය වසරේදී සියදිවි නසාගත් විවාහක පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2375කි.

ඔවුන්ගෙන් 1939ක් පිරිමි පුද්ගලයන් වන අතර 436ක් කාන්තාවන් ය.

සිවිල් තත්වය අනුව ඉන්පසුව වැඩිම සංඛ්‍යාවක් සියදිවි නසාගෙන ඇත්තේ අවිවාහක පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 888කි.

වැන්දඹුවන් 13 දෙනකු එම වසරේදී සියදිවි නසාගෙන තිබූ අතර දික්කසාද වූ 3 දෙනකු, නීතියෙන් වෙන්වූ එක් අයකු හා නීත්‍යනුකූල නොවන විවාහයට පත් එක් අයකු සියදිවි නසාගෙන තිබුණි.

සිවිල් තත්ත්වය අතින් විවාහක, අවිවාහක හැරුණු කොට සෙසු අයගේ සංඛ්‍යාව අතර පරතරය ඉතා විශාලය.

කෙසේවෙතත් අධ්‍යාපන තත්ත්වය අතින් පසුගිය වසරේදී සියදිවි හානිකරගත් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 8 වසර සමත්ව පාසල හැරගිය පුද්ගලයන් ය.

එම සංඛ්‍යාව 1191කි.

ඉන්පසුව වැඩිම සංඛ්‍යාවක් එම ඛේදනීය ත්ත්වයට මුහුණ පා තිබුණේ සාමාන්‍යපෙළ තෙක් පමණක් උගත් පුද්ගලයන් ය.

එම සංඛ්‍යාව 944ක් වන අතර ඉන්පසුව වැඩිම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 1 ශ්‍රේණිය සිට 10 තෙක් දරුවන්ය.

පසුගිය වසරේ දී එම අධ්‍යාපන තත්ත්වයේ සිටින පුද්ගලයන්ගේ සියදිවි නසාගැනීම් 625ක් වාර්තා වී තිබිණ.

පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ආදර සබදතා බිදවැටීම, කලකිරීම්, මානසික ප්‍රශ්න මෙම සියදිවි නසාගැනීම්වලට හේතු වූ මූලික කරුණු ලෙස අනාවරණය කරගෙන තිබුණි.

1948 දී මෙරට සියදිවි නසාගැනීමේ අනුපාතය පැවැතියේ ලක්ෂයකට නවයක් (9:100000) ලෙසයි.

1970 වන විට එම අනුපාතය 19:100000ක් ලෙස වර්ධනය විය.

1980 වනවිට ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතය 33:100000ක් දක්වා වර්ධනය විය.

නවතම වාර්තාවලට අනුව එම අනුපාතය මේ වනවිට 15:100000ක් දක්වා පහළ ගොස් ඇත.

2019 ලෝකයේ සියදිවි නසාගැනීමේ වාර්තගත රටවල් අතර ශ්‍රී ලංකාව 29 වැනි ස්ථානයේ පසුවෙයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී