නවතම පුවත්

“පස්සා දොරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි”- සජිත්

අසංක

අසංක

“එක එක්කෙනා මේ වෙද්දී එක එක ප්‍රවාහ තුළින් කතා යවනවා. පස්සා දොරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි. මම යන්නේ ජනවරමින් ජනතාවගෙ කරපිටින් මේ රටේ ඉහළම තනතුරටයි” යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ඔක්තෝබර් 26ට පෙර මට 10 වතාවකට වඩා අගමැතිකම ගන්න කිව්වා. දින 52 තුළ තවත් 61 වතාවක් ගන්න කිව්ව අගමැතිකම. මම ප්‍රතික්ෂේප කළා. පස්සා දොරෙන් තනතුරු නොගත්ත මම ඔබලාගේ ජනවරමෙන් ඉස්සරහම තනතුරට යනවා”

හෙතෙම මේ බව කියාසිටියේ මේ වනවිට පැවැත්වෙන පළාත් පාලන නියෝජිත සමුළුවක් අමතමිනි.

“මෙරට ලක්ෂ 220ක ජනතාව සංවර්ධන ප්‍රතිලාභ ලබන වැඩපිළිවෙළ අපි නොවැම්බර් දෙසැම්බරයෙන් පසුව අරඹනවා.”

“මමත් ගැහුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කොන්ත්‍රාත්තුවක්. ඒ රනිල් අගමැති කිරීමේ කොන්ත්‍රාත්තුවයි මම ගැහුවේ. ඒ දින 52 ආණ්ඩුවේදී. 71 වතාවක් මම අගමැතිකම දෙන්න හදද්දී මම ප්‍රතික්ෂේප කළේ මගේ නායකයට, පක්ෂයට තියෙන ගෞරවය නිසා. මටම හිතාගන්න බෑ. මෙච්චර ජනතාව කියද්දිත් ඇයි මේකට කන්නොදෙන්නේ කියලා. තීන්දු ගන්න එක කොච්චර පස්සට දැම්මත් සජිත් ප්‍රේමදාස අඩියක් නෙවෙයි මිලිමීටරයක්වත් පස්සට තියන්නෙ නෑ.

ලබන නොවැම්බරයෙන් පසුව බිහිවන්නේ ඔබලාගේ යුගයයි. මෙරට අහිංසක ජනතාවගේ යුගයයි.”

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?