නවතම පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 275ක් ලබන සතියේ සිට ඒ.එස්.පී.වරුන් ලෙස ඉහළට

අසංක

අසංක

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 275 කකට ආසන්න පිරිසක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ලබන සතියේ උසස්වීම් ලැබීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම ලබන 19 වෙනිදා රැස්වී අනුමැතිය ලබාදීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් කිරීමට අදාලව පැවැති සම්මුඛ පරීක්ෂණ සදහා ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන්ද යම් කතා බහක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැවතුනි. ඒ සම්බන්ධයෙන්ද රාජ්‍ය සේවා කොමිසම විමර්ශනයට ලක්කර ඇති අතර එහිදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ එවැනි ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමක් සිදුව නැති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. මෙම උසස්වීම් ලබාදීම ප්‍රමාදවූයේද මෙම කරුණ නිසා බවද එම නිලධාරියා පැවැසීය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබන විට දැනට සේවයේ නිරතව සිටින සහකාර පොලිස් අධිකාරීවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 80 කට වැඩි පිරිසකටද වැඩ බැලීමෙම් පදනම මත පොලිස් අධිකාරීධුරයට උසස්වීම් ලබාදීමටද පොලිස් මූලස්ථානය සැළසුම්කර තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?