නවතම පුවත්

ප්‍රශ්න නැතුව ලෝකේ වටේ යන්න පුළුවන් ජාත්‍යන්තර පොලිස් ID හදන්න ආ අයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

ලෝකයේ ඕනෑම රටක සංචාරය කිරීමට පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුනුම්පතක් සකස්කර ගැනීමට පැමිණි පුද්ගලයෙක් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිට ඇත.

මෙවැනි හැඳුනුම්පත් ඇති පොලිස් නිලධාරීන්ට ලෝකයේ ඕනෑම රටකදී යම් ගැටළුවකට මුහුණ පෑ විට ඒ ඒ රටවල පොලිස් ස්ථාන මගන් මෙම හැදුණුම්පත අතැති අය වෙනුවෙන් සේවාසෙැපයීමේදී ප්‍රමුඛතාව හිමිවන බව සදහන්ය.

සැකකරු මුස්ලිම් ජාතිකයෙක් වන අතර කොළඹ 12 පදිංචි 23 හැවිරිදි අයෙකි.

ජාත්‍යන්තර පොලිස් සංගම් ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථාන පරීශ්‍රය තුළය.

මෙම පුද්ගලයා ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථානයට ඇතුළු වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසිණි.

ඒ ගැන සැකසිදූ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී පරස්පර විරෝධී පිළිතුර ලබාදීම හේතුවෙන් මොහු පිළිබඳ සැක මතුවී තිබේ.

ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුණුම්පත සකස් කිරීමට හැකියාව ඇත්තේ පොලිස් සේවයේ නිරතව සිටින ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකත්වය දරන නිලධාරීන්ට පමණි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා නාරාහේන්පිට පොලීසියට භාරදී තිබේ.

ඉදිරි විමර්ශන සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේද සහය ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්