නවතම පුවත්

ප්‍රසිද්ධ පන්සලෙන් ගමේ පන්සලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ/රමේෂ් වරල්ලෙගම

වෙසක් පොහොය දිනයේ ප්‍රසිද්ධ ආගමික විහාරස්ථාන සදහා පැමිණි බෞද්ධ බැතුමතුන්ගේ අඩුවක් ඇතැයි රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය කළද ගමේ පන්සලට වෙනදාට වැඩි ජනතාවක් එක්ව ඇති බව ප්‍රදේශිය වාර්තා පෙන්වා දෙයි. වෙනදාට වෙසක් උත්සවය සැමරීම සදහා බොහෝ බෞද්ධ හා අනෙකුත් ආගමික බැතුමතුන්ද ප්‍රසිද්ධ විහාරස්ථානවල පැමිණීම සාමාන්‍ය දෙයක් වු අතර එම වෙහෙර විහාරස්ථාන බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරි යන දර්ශන රූපවාහිනි නාලිකා විකාශය කළේය.

නමුත් මෙවර විශේෂත්වය ලෙස තමන්ට ළගපාත පන්සලට ගොස් ආගමික වතාවත් සිදුකොට නැවත නිවෙස්වලට පැමිණීමට බෞද්ධ බැතිමතුන් බෙහෝ පිරිසක් කටයුතු කළහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ කම්පනය හේතුවෙන් මෙවර වෙසක් උත්සව රැසක් අවලංගු කර දැමීමට පියවර ගෙන තිබු අතර තැන තැන දන්සැල සංවිධානය කිරීමද අඩු වී තිබිණි. මේ නිසා මෙවර වෙසක් උත්සවයේ විශේෂත්වයක් වනුයේ ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාවට වැඩි නැඹුරුවක් ඇති කළ වෙසක් පොහොය දිනයක් ලෙස බව කළම්බො එකස්ප්‍රස් හා සම්බන්ධ වු බෞද්ධයන් කිහිප දෙනෙක්ම පැවැසුහ. සමාජ මාධ්‍ය ඔස්සේද එවැනි අදහස් ප්‍රචාරය වී තිබු අතර නියම වෙසක් දැක්කෙ මේ පාර යැයි වැනි අදහස්ද ඒ අතර වුයේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී