නවතම පුවත්

පාඨමාලාවෙන් සමත් කරන්න ට්‍රැෆික් ලොක්කෝ පොඩ්ඩන්ගෙන් අල්ලස් අරන්

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාඨමාලාව අවසන් කළ කනිෂ්ඨ නිලධාරීන් 200 දෙනෙකු ඉන් සමත් කිරීම සඳහා රථවාහන අංශයේ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් අල්ලස් ලබාගෙන ඇතැයි ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත අනාවරණය විය.

රථවාහන අංශයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන්ගේ සේවා කුසලතා ඉහළ නැංවීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙසින් රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් 200කට මාස එකහමාරක පමණ කාලයක් පුරා මෙම පාඨමාලාව සිදු කර තිබේ.

පාඨමාලාව අවසානයේ සුදුසුකම් ලද බවට සහතිකයක් නිකුත් කෙරෙන අතර ඒ සඳහා විභාගයට ද මුහුණදීමට කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට සිදුවේ.

මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ බවට සහතික කිරීම සඳහා පාඨමාලාව කරන ලද රථවාහන අංශයේ ඉහළ නිලධාරීන් වෙත සුපිරි වෙළෙඳසැල්වලින් භාණ්ඩ ලබාගැනීමේ වවුචර්පත් ලබාදීමට එක් කනිෂ්ඨ නිලධාරියකුගෙන් රු.1500 බැගින් එකතු කරගෙන තිබේ.

ඒ එක්තරා නිලධාරියකු විසින් කනිටු නිලධාරීන්ට ‘ලොක්කෝ සතුටු වුණොත් තමයි උඹලට පාස්වෙන්න පුළුවන් වෙන්නේ. ලොක්කෝ සතුටු කළොත් උඹලටත් සතුටින් වැඩකරගන්න පුළුවන්’ යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.

රථවාහන අංශයේ ඉහළ නිලධාරීන් සිව්දෙනෙකු අතර රුපියල් ලක්ෂ 3ක් වටිනා මෙම වවුචර්පත් බෙදී ගොස් ඇත.

නමුත් මෙම පාඨමාලාව සිදුකිරීමට පැමිණි රථවාහන පොලිස් මුලස්ථානයේ අධ්‍යාපන අංශයේ ස්ථානාධිපතිවරයා පමණක් මෙම අල්ලස් ලබාගෙන නැත.

එමෙන්ම කනිෂ්ඨ නිලධාරීන් පාඨමාලාව අවසන් කළ පසුව ඔවුන් විසින් ඉහළ නිලධාරීන් වෙත තේ පැන් සංග්‍රහයක් ද පවත්වා ඇති නමුත් ඉහත නිලධාරියා ඊට ද සහභාගි වී නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්