නවතම පුවත්

පාඨලීගෙ වජිරගෙ වැය ශීර්ෂ පරාජය කළ හැටි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පරාජයවීම මේ වනවිට ආණ්ඩුවේ බරපතල ඉරි තැලීමක පෙරමග ලකුණක්වී හමාරය. මෙසේ තම අමාත්‍යංශ වැය ශිර්ෂ පරාජය වුයේ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන ඇමැතිවරුන්ය. පාඨලී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලම භූමිකාවක් නියෝජනය කරමින් සිටියදිත් වජිර එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ දකුණු අතමෙන් සිටියදිත් මෙම පරාජයට ගොදුරුවීම ඛේදජනකය. මෙසේ වැය ශීර්ෂයක් පරාජයවීමෙන් සිදුවන ආණ්ඩු වෙනසක් නැතත් ඉන් සිදුවු කැළල මකා ගැනීමට ආණ්ඩුවට නැවත නිදි යහනෙන් නැගිටීමට සිදුවනු ඇත.
පාර්ලිමේන්තුවේ අය වැය විවාදය සම්බන්ධයෙන් ඉතා සුක්ෂම නිරීක්ෂණය කළ ඒ්කාබද්ධ විපක්ෂය ( දැන් පොහොට්ටුව) නියෝජනය කරන මන්ත්‍රිවරු ආණ්ඩුව ඉතා අලස ලෙස අය වැය විවාදවලට එක්වන අයුරු නිරීක්ෂණය කරමින් සිටියේය. වඩා හොදම සහ ඉලක්කගත වැය ශීර්ෂයක් පරාජය කිරීමේ මෙහෙයුමට අදාල පාර්ලිමේන්තු මෙහෙයුම භාර වූයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් සොයිසාටය.
මෙවැනි වැය ශීර්ෂ කිහිපයක් පසුගිය කාලයේ පැවැතුණත් පාඨලී චම්පිකගේ වැය ශීර්ෂයම මේ සදහා ඉලක්කකරගත යුතු යැයි පොහොට්ටුවේ අභ්‍යන්තර සාකච්ඡාවකදී යෝජනා වුයේය. ඊට ප්‍රධාන හේතුවුයේ පාඨලීගේ වාග් ප්‍රහාරයට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිචාරය ලබාදීම සදහාය. පඨලී සමග අනෙක් ගැලපුණු අමාත්‍යංශය වුයේ පළාත් සභා හා පළාත් පාලනය. හරියටම එක ගහෙන් කුරුල්ලො දෙන්නෙක් ඉන්නවා ඒදාට හොද වැඩක් දෙමු යැයි රංජිත් සොයිසා, සේමසිංහ ඇතුළු මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ම කථිකා කරගත්හ. ජ්‍යෙෂ්ඨයන්ද දැනුවත් කළ රංජිත් සොයිසා ඇතුළු කණ්ඩායම පාර්ලමේන්තුවේ මෙම වැය ශිර්ෂ විවාදය පැවැත්වෙනවිට ඒ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට සභාවේ නොසිටින්නැයි උපදෙස් දුන්හ.
හැබැයි පාර්ලිමේන්තුවේ නෑ වගේ පේන විධියටම යන්න ඔ්න. නැත්නම් එයාලා මේක දැනගෙන ඒන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් යෝජානා කළේය. එය කදිම අදහසයැයි ඒකමතිකව තීන්දු කළ ඒකාබද්දෙ මන්ත්‍රිවරු සභාවේ නොසිටින ස්වරූපයක් පෙන්වුහ. ඇත්තටම ආණ්ඩුව මෙම උගුලේ වැටුණේ අනපේක්ෂිතවය.
ඉතා සූක්ෂමව සභාවේ වාඩිවු රංජිත් සොයිසා උදෑසන කතාකරගත් පරීදි සවස්වනවිට පාර්ලිමේන්තුවේ සිය අසුනේ වාඩි වුයේය. ඔහු හැර ඒවනිවට සභාවේ සිටියේ වාසු හා මහින්දානන්ද පමණි. කවුරුත් නැහැ යැයි සිතු එජාපයේ මන්ත්‍රි අසුන් හිස්වන්නට වුයේ මේ අවසරයෙනි. අද අපි කියන ඔක්කොම අහන්න ඉන්නෙ තුන් දෙනායැයි කියමින් ආණ්ඩුවේ මන්ත්‍රිවරු කිහිප දෙනා කෙළි දොළොන් පසුවුහ.
ඒ වනිවට ඒකාබද්දෙ මන්ත්‍රිවරු මන්ත්‍රිවරුන්ගේ පිටව යාමේ ආලින්දයෙන් නිවෙස්බලා යන ආකාරයටම පිටව ගියහ. ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ටද මේ ගැන නොපවසා සිටීමට වග බලාගත් රංජිත් සොයිසා වරෙක වීරකුමාර මන්ත්‍රිවරයා සමග කතාකරමින් ගොස් ඔහු වාහනයටම නැග්ගුවේය. මන්ත්‍රිවරුන් පිටව යනවිට අදාල විස්තර ලැයිස්තුගතවනබව දන්නා ආණ්ඩුව ඊයේ දිනයේද ඒ පොත විශ්වාස කළහ.
මේ අතරවාරයේ මන්ත්‍රි ආලින්දයෙන් පිටව ගිය ඒ්කාබද්ධ ම්න්ත්‍රිවරු එකා දෙන්නා බැගින් මහජනයාට පිටවයාමට ඇති අන්තයෙන් පාර්ලිමේන්තුවට නැවත පැමිණ තැන තැන හොරගත් ඇල්ලුහ. රාත්‍රි 7.20 ට සීණුව නාද කිරීමට සිදුවුයේ සභාවේ සිටි රංජිත් සොයිසාම වැය ශීර්ෂයට අදාලව ඡන්දයක් විමසීම නිසාය. සීනුව නාද කරන අතරවාරයේ ඒකාබද්දෙ මන්ත්‍රිවරන්ට රංජිත් සොයිසා ඇතුළට ඒන්නැයි පණිවිඩය දුන්නේය.
ඡන්දයක් ඉඉල්ලාවියැයි නොසිතු ඇතැම් ආණ්ඩු මන්ත්‍රිවරුන් අඩුම තරමේ මාදිවල මන්ත්‍රි නිවාස සංකීර්ණයේවත් සිටියේ නැත. ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් වෙනදා ලහි ලහියේ පැමිණෙන්නැයි ආණ්ඩු මන්ත්‍රිවරුන් දැනුවත් කළද මෙදාපාරනම් එවැනි කාර්යක්ෂම තාවයක් නොතිබුණේය. එපමණක් නොව කෙටි පණිවිඩ යැව්වද බොහෝ දෙනෙක් කොළඹෙන් දුර බැහැර ගොස් තිබුනෝය.
මේ නිසා වැය ශිර්ෂ ඡන්දයේදී ආණ්ඩුව පරාජය වුයේ මෑතකාලයේ පාර්ලිමේන්තුව තුළ ලැබූ පළමු පරාජය ලෙස එය සනිටුහන් කරමිනි. ඡන්ද විමසීමේදී

මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ 261 සිට 289 දක්වා සියලු වැය ශිර්ෂ පරාජයට පත් විය. පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර විපක්ෂව 38 ක් ලැබිණි. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ 162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවුහ.
ඒකාබද්ධය මෙසේ වැය ශීර්ෂ පරාජය කළද රාජ්‍ය නිලධාරින්, ග්‍රාම නිලධාරින් ඇතුළු තවත් කේෂ්ත්‍ර කිහිපයක වැය ශීර්ෂ සම්මතවීමට ඉඩ හැරියේය. ඡන්ද ප්‍රඵිපලයත් සමග වහාම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ හමුවක් නොබෝදිනකින්ම කැදවීමට තීරණය වී තිබිණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි