නවතම පුවත්

පානදුර රෝහල් ගිලන් රථ රියදුරකුට වෙඩි තැබීමක්

Roshan

Roshan


දම්පත් රණසිංහ

පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට ඊයේ (27) වෙඩි තැබීමක් සිදුව තිබේ. ගිලන් රථ රියදුරාට වෙඩි ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි.

පානදුර රෝහල පිහිටා ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානයට යාබදවය. සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් බව පැවසෙන මෙම සිද්ධියේ සැකකරුවන් සිව්දෙනා ගිලන් රථය රෝහල් ගේට්ටුවෙන් ඇතුළු කරනවාත් සමඟ එක් යතුරු පැදියක සිටි පසුපැදිකරු ගිලන් රථ රියදුරු අසලට පැමිණ වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

වෙඩි දෙකක් තබා ඇතත් ගිනි අවියේ ඇති වූ දෝෂයක් නිසා වෙඩිල්ල පත්තු නැති බවත් ඒ අවස්ථාවෙන් ප්‍රයොජනය ගනිමින් ගිලන් රථ රියදුරා පළාගොස් දිවි රැකගෙන තිබෙන බවත් පොලීසිය කියයි.

මෙම ඝාතන තැත සහ පොලීසිය විසින් අදා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මත්කුඩු අත්අඩංගුවට ගැනීම අතර යම් සම්බන්ධයක් ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් ඇත

මෙම අපරාධ කල්ලිය මෙහෙයවන සැකකරු මේ වන විට විදේශයකට පළාගොස් සැඟව සිටිමින් ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින බව පොලීසිය සැකකරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි