නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන නිසා ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ ලැයිස්තුව මෙන්න (update)

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැවැත්වෙන මූලික විමර්ශන වෙනුවෙන් ස්ථාන මාරුවීම් ලබාදුන් නිලධාරීන් කටයුතු කළ ස්ථානවලට යොමු කිරීම සඳහා ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිසම විසින් පහත ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව ස්ථාන මාරුවීම් ලබාඇති පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

  • ජ්‍යෙ.නි.පො.ප ජේ. අබේසිරිගුණවර්ධන මහතා – වයඹ හා උතුරු මැද පළාත භාර ජ්‍යෙ.නි.පො.ප තනතුරේ සිට ක්ෂේත්‍ර බලකා,රථවාහන හා බස්නාහිර පළාත භාර ජ්‍යෙ.නි.පො.ප ලෙස
  • නි.පො.ප වී.පී.සී.ඒ සිරිවර්ධන මහතා – පුත්තලම දිසාව භාර නි.පො.ප තනතුරේ සිට කොළඹ දිසාව භාර නි.පො.ප ලෙස
  • නි.පො.ප ඩබ්.එම්.ආර්.එම්. වැලිකන්න මහතා – ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නි.පො.ප තනතුරේ සිට බස්නාහිර පළාත උතුර දිසාව භාර නි.පො.ප ලෙස
  • නි.පො.ප ඩබ්.කේ. ජයලත් මහතා – නි.පො.ප කුරුණෑගල දිසාවට අමතරව පුත්තලම දිසාවේ වැඩ බලන නි.පො.ප ලෙස
  • නි.පො.ප ටී.එම්.ඩබ්.ඩී. දේශබන්දු තෙන්නකෝන් මහතා – බස්නාහිර පළාත උතුර දිසාව භාර නි.පො.ප තනතුරේ සිට අපරාධ / අපරාධ බුද්ධි හා ප්‍රජා පොලිස් දිසාව භාර නි.පො.ප ලෙස
  • ජ්‍යෙ.පො.අ කේ. කඩුපිටිය මහතා – ත්‍රිකුණාමලය කොට්ඨාශ භාර නිලධාරි තනතුරේ සිට මීගමුව කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  • නි.පො.ප එල්.එස්. පතිනායක මහතා – කොළඹ දිසාව භාර නි.පො.ප තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නි.පො.ප ලෙස
  • ජ්‍යෙ.පො.අ ඒ.කේ.චන්දන අතුකෝරල මහතා – මීගමුව කොට්ඨාශ භාර නිලධාරි තනතුරේ සිට ත්‍රිකුණාමලය කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  • පො.අ සී.එම්. බණ්ඩාර මහතා – කොළඹ උතුර කොට්ඨාශයේ සිට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත
  • ස.පො.අ කේ.එම්.පී.එස්.බී. කුමාරසේකර මහතා – මීගමුව කොට්ඨාශයේ සිට මුලතිව් කොට්ඨාශය වෙත
  • ස.පො.අ සී.ආර්. කොට්ටහච්චි මහතා – අධිකරණ ආරක්ෂක කොට්ඨාශයේ සිට මීගමුව කොට්ඨාශය වෙත
  • ස.පො.අ එච්.බී.එස්.එස්. සිසිල කුමාර මහතා – මීගමුව කොට්ඨාශයේ සිට ගාල්ල කොට්ඨාශය වෙත
  • පො.ප ආර්.ඒ.ඩී.ටී. රාජපක්ෂ මහතා – මන්නාරම කොට්ඨාශයේ සිට කටාන පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ලෙස
  • පො.ප ඩබ්.ඩී.කේ.සී. නවරත්න මහතා – කටාන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මන්නාරම කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා
  • පො.ප වීරසූරිය මහතා – ජම්පටා පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුරේ සිට ගල්කිස්ස කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා
  • පො.ප කේ.එම්.කේ. බණ්ඩාර මහතා – පුනරින් ස්ථානාධිපති තනතුරේ සිට හසලක ස්ථානාධිපති ලෙස
  • පො.ප එස්.අයි. රණවීර මහතා – සාලියවැව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා නුගේගොඩ කොට්ඨාශය වෙත
  • ස.පො.අ ඩී.යූ.එල්. රත්නායක මහතා – කිලිනොච්චිය කොට්ඨාශයේ සිට ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය වෙත
  • ස.පො.අ ආර්.පී.පී.පී.ආර්. පෙරේරා මහතා – කන්කසන්තුරය කොට්ඨාශයේ සිට කිලිනොච්චිය කොට්ඨාශය වෙත
  • පො.අ විජිත ද අල්විස් මහතා – මහනුවර කොට්ඨාශයේ සිට කෑගල්ල කොට්ඨාශය වෙත
  • පො.අ ජේ.ඒ.කේ.ජයසිංහ මහතා – අගමැති ආරක්ෂක කොට්ඨාශයේ සිට මහනුවර කොට්ඨාශයේ දිස්ත්‍රික් I භාර නිලධාරි ලෙස
  • කා.පො.අ පී.ජේ. මධාරා ආරියසේන මහත්මිය – කැලණිය කොට්ඨාශයේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්